"අම්මබල" මේක අලුත් බ්ලොග් අඩවියක් සයිබර්
වාසීන්ට අලුත් ඉඩක් හදලා දෙන්න පුලුවන් නිරන්තර සයිබරයේ සැරි සරන්නන්ට යන එන ගමන්
නැවතිලා මොනවද තියෙන්නේ කියලා බලන්න පුලුවන් තැනක් විදිහට ඉඩහසර වෙන් කරන්න අපි
අලුත් වැඩකට අත ගහලා තියනවා
"මොළ සොදන්නන්ගේ සයිබරයේ නවාතැන"මේකේ අදහස
අලුත් දේවල් කියවන අලුතින් හිතන අලුත් දෙයක් දැන ගන්න කැමති අයට වගේම ගතානුගතික
මතයන් වල නැවතිලා හිර වෙලා ඉන්න ඕනි කෙනෙක්ට ඒකෙන් ටිකක් පරිබාහිරව හිතන්න පුලුවන්
තැනක් හදලා දෙන එක.
ඒක තමයි තමා අම්මබලම අපේ අරමුන.
අපි මේකට "මොළ සෝදන්නගේ සයිබරයේ නවාතැන"
කියලා වචන පේලියක් එක් කලාට ඒක කියන,ලියන හෝ
හිතන තරම් ලේසි නැති බව හා ප්‍රායෝගික නැති බව අපි දන්නවා.
නමුත් අපි අදහස් කරන විදිහට අම්මබලම කියවන්නන්ට
ඉතා සියුම් හෝ දැණුමක් මේකෙන් ලබා දෙන්න අපි අදහස් කරනවා.අපි කිසිම විදිහකින්
ජාතිවාදී ජාතිකවාදී හා ආගම්වාදි අදහස් අම්මබලම හරහා සමාජගත කරන්නට උත්සහා කරන්නේ
නෑ නමුත් ඕනිම
කෙනෙක්ට අපි ලියන කියන ඕනිම දෙයක් විවෙචනයට හා
ගැරහුමට අවස්තාවට අපි ඉඩ හදාල දෙනවා අම්මබලම අපි විස්වාස කරන විදිහට රෙද්දක්,වලදක්,පිගානක්,කෝප්පයක් සෝදන විදිහට මිනිස් මොලේ සෝදන්න බැරි
උනත් ඉතා සියුම් අදහසක් ප්රකාශනයක් නිර්මාණය මගින්
මිනිස්සු හිතාගෙන ඉන්න යම් යම් වැරදි දේවල්
නිවැරදි කරන්න පුලුවන් අන්න ඒ සියුම් උත්සහාය තමයි අපි අම්මබලම හරහා කරන්න යන්නේ.
මේ ලෝකේ තවම මොල සොදන්න පුලුවන් මැෂින් හදලා
නැති උනාට මිනිස්සුන්ගේ ඔලු වල තමන් එල්බගෙන ඉන්න ගතානුගතික අති සාම්ප්‍රධායික
අදහස් වෙනස් කරන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මේ වන විට හැදිලා තියනවා අම්මබලම අපි
විශ්වාස කරන විදිහට කියවීම හා තමා කියවන දේ පිලිබදව සොයා බලා විමසා දැන ගැනීමත්
ඒ පිලිබද විවෙචන අදහස් උදහස් දැක්වීමත් තමන්
එල්බගෙන සිටින මතවාදයන් තුල තවමත් එසේ සිටීමට හෝ ඒවා සම්පූර්ණයෙන් අත්හැර දැමීමට උපකාරී වෙනවා.
මේ නිසා කියවන්නන් ලියන්නන් හට අලුත් තෝතැන්නක්
තමා අම්බලම කියන්නේ.
දේශපාලනය,සංස්කෘතිය,ආගම,කලාව,සිනමාව,කවිය
වැනි නොයෙකුත් මාධ්‍ය හරහා අපි ඔබව ආමන්ත්රයන කරන්නේ සම්පූර්ණ වෙනස් මිනිසුන්
තැනීමට හෝ සමාජයට සර්වසම්පූර්ණ මිනිසුන් තැනීමට නොවන අතර එවැනි අතිශයොක්ති
උත්සහායන් ගැනීම ඵල රහිතවන අතර ප්‍රායෝගික තලයේද නොපවතීන බව අප දැඩි ලෙස විශ්වාස
කරනවා.
නමුත් අප විස්වාස කරන අන්දමට මේ හරහා යම් යම්
අංශයන් වල දැණුම සදහා හා තමා සිතා සිටින්නා වූ
ගතානුගතික අදහස් යම් තරමකින් හෝ වෙනස් කිරීමට
අම්මබලම අපි තුල වූ සියුම් බලාපොරොත්තුවක් තියනවා.
එය සඵල කර ගැනීම සදහා අම්මබලම බ්ලොග් අඩවිය අද
සිට කියවන්නන් සදහා විවර කරනවා.
අමිල නිශාන්ත.


6 Comments
අම්බලමට හැමදාම එන්නම්.. අලුත් දෙයක් දැනගන්න... නියම වැඩක්..ජය������
ReplyDeletethankzz
DeleteGood job amila aiye.All the best.
ReplyDeletethankzz hunny
Delete👍👌
ReplyDeleteela
Delete