ජාතියේ සිනමාකරු නොවූ රැඩිකල් සිනමාකරුවා ලෙස්ටර්.....



දහ නමවන සියවස අවසානයේ ලොවට බිහි වූ අපූර්වතම හා ආකර්ෂනීයම වූ කලා සම්ප්‍රධායක් ලෙස සිනමාව හැදින්විය හැකි අතර නිරන්තර යාවත්කාලීන වන ජන සංවේදී කලා සම්ප්‍රධායක් ලෙස සිනමාව අවිවාදයෙන් තොරව පිලිගත හැක. සියලු කලාවන් අතර තාක්ෂණික හා නිර්මාණාත්මක අතින් අනූන වූ කලාව ලෙස සිනමාව හැදින්වීමේ කිසිදු අවහිරයක්  නොමැත.

                  ලෝක සිනමාව ආරම්භ වී වසර 50 ක් පමණ කාලයක් තුල මෙරට ලාංකේය සිනමාව ආරම්භ වෙන අතර නොදියුනු නමුත් මූලාරම්භයේ සිටම ප්‍රේක්ශක ආකර්ෂනය දිනා ගත හැකි චිත්‍රපට මෙරට සිනමා කර්මාන්තය තුල බිහි වීම දැකිය හැකි විය.1947 සිට පුරා වසර 10ක් යන තෙක්ම මෙරට බිහි වූ සිනමා පට දකුණු ඉන්දියානු ආභාශය සහිතව ගොඩ නැගුණු අතර මෙරට නලු නිලියන් එම සිනමාපට වල රැදුනේ යම් හස්තයක් තුලින් හසුරවන රූකඩ වලට සමානවය ඉන්දියානු කතා ඒ ආකාරයටම බස පමනක් වෙනස්ව එම චිත්‍රපට වල අඩංගු කර තිබූ අතර ඉතා ඕලාරික හාස්‍ය සපිරි නිර්මාණ මෙරට සිනමාවෙ ආරම්භය ලෙස සනිටුහන් කලහ.කඩවුණු පොරොන්දුවෙන් ඇරබි එම සිනමා ගමන තුල මෙරට උරුවට දේශීය ලක්ෂණ සහිත චිත්‍රපට බිහි කරලීමට කිහිප දෙනෙකු උත්සහා කල අතර ඔවුන්ට අතික්‍රමනය කල නොහැකි කාරනා රැසක් එකල සිනමාවතුල වීය.ඔවුන් නාට්‍ය ආකාර තිර නාටක හරහා මෙරට සිනමා පට නිර්මානය කල අතර ප්‍රේක්ෂක පිලිගැනීමද එකල ඒවාට නතු විය.තවද දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමා ආකෘතිය තුලින් ඔවුන්ට මිදීමට නොහැකි විය. දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත හා එකල තිබූ සමාජ මට්ටම මත එම ආකෘති තුලින් මිදීමට ඔවුන්ට නොහැකි විය.
1919 අප්‍රේල් මස 05 උපත ලද ලෙස්ටර් ජෙම්ස් පීරිස් මෙරට සිනමා ගමනේ මැකිය නොහැකි නමක් ලෙස සනිටුහන් වන්නේ සිංහල සිනමාව ඉන්දියානු ආභාශය ලබා සිටියදී එය ඉන් පරිබාහිර මානයක් කරා රැගෙන ගිය නිසාය.1947 එංගලන්තය බලා පිටත් වන ලෙස්ටර් එහිදී සිනමාව ඉගනීමට යොමු වෙයි. 1950 දී තම මිතුරා හා එක්ව “සෙලිවුලොකි”කෙටි චිත්‍රපටය ලෙස්ටර් අතින් නිපදවෙන අතර එය ආදුනික හා පර්යේෂණ චිත්‍රපට නිර්මාණය කරන්නන් වෙනුවෙන් හිමිවන සම්මානයද හිමි කර ගැනීමට සමත් විය.ඉන් පසුව ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද “ෆෙයාර්වෙල් ටු චයිල්හුඩ්” කෙටි චිත්‍රපටය ලොව හොදම ආදුනික චිත්‍රපටය ලෙස බ්‍රිතාන්යේදී සම්මාන හිමි කර ගත්හ.1952 මෙරටට පැමිනෙන ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයට බැදෙනුයේ රැකියාව ලෙසය. එහිදී ඔහුට කටයුතු කිරීමට සිදුවනුයේ රැල්ෆ් කින් සමගය.එවකට මෙරට සිංහල සිනමාව ආරම්භ වී වසර දහයකට ආසන්න විය.ඉහත දක්වන ආකාරයට මෙරට සිනමාව දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණයෙන් සිර වී සිටි කාලයක ලෙස්ටර් ජෙම්ස් පීරිස් මෙරට සිනමාව පිලිබද උනන්දුවෙන් පසු විය. විදෙස් ගත වී සිනමා නිර්මාණ සිදු කල සිනමාව පිලිබද හැදෑරීම් සිදු කල කතෝලික ඉංග්‍රීසි උගත් ඉහල මධ්‍යම පාන්තික තරුණයකු වූ ලෙස්ටර් 40 දශකය තුල මෙරට ප්‍රචලිත වූ 43 කණ්ඩායම හා සම්බන්ද වූ අයිවන් පීරිස් ගේ සොහොයුරා විය. කලා සම්ප්‍රදායන් ගොඩ නැගීමෙහි ලා විශිෂ්ඨ සේවාවන් කල ලයනල් වෙන්ඩිට් අයිවන් පීරිස් වැනි පුද්ගලයන් ඇසුරු කල ලෙස්ටර් මෙරට සිනමාව කෙසේ නව්‍යකරණයට භාජනය කරන්නේද යන්න ඒ වන විට සිතමින් සිටි අවදියක් විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1956 “රේඛාව” බිහි විය.



                        ප්‍රවීන සිනමා විචාරක ගාමිණී වේරම මහතාට අනුව අපේ සිනමා කලාව හා අපේ සිනමාකරුවන් හා ඊලග පරම්පරාවේ සියලු දෙනා සමාජ ගත වූයේ “රේඛාව” චිත්‍රපටය හරහාය. මෙම කරුන සම්බන්දව විමසා බලන විට මෙම සත්‍යතාවය පසක් වනුයේ රේඛාව සිංහල සිනමාවේ ආරම්භක ලක්ෂය ලාංකේය අනන්‍යතා ලක්ෂය ලෙස හැදින්විය හැකි නිසාය.
ලාංකේය සිනමාවේ ආරම්භක දශකය ඉන්දියානු ප්‍රේමකතා හා ටෙලි නාට්‍ය ඝනයේ චිත්‍රපට අනුකරනයෙන් සැදුනු සිනමාවක් බිහිව තිබූ අතර 1956 රේඛාව හරහා ලාංකේය සිනමාපට ක්ෂේත්‍රයට නව ජවයක් එක් කරන්නට විය. ප්‍රෙක්ෂක හා විචාරකයන්ගේ නිර්දය විවේචනයට බදුන් වුවද රෙඛාව හරහා සිනමා ගමනට අත්පොත් තැබූ අධ්‍යක්ෂවරයා ලාංකේය සිනමාව ඔහුට අනන්‍ය වූ මානයක් ඔස්සේ රැගෙන යාමට සමත් විය.1956 වන විට ලෝකය පුරා හා ආසියාවේ රටවල සිනමාව සම්භාව්‍ය මට්ටමකට හා අදිපති කලා කෘති අතර කතා බහට ලක් වූ කලා කෘතියක් විය සත්‍යජිත් රායි අකිර කුරසෝවා වැන්නවුන් හරහා ආසියානු සිනමාව මෙම අවදියේ ලෝක ආකර්ශනය දිනා ගත හැකි දියුණු කලාවක් බවට පත් වෙමින් තිබුනි.නමුත් ලංකාව තුල එය අතිශය මන්දගාමී හා රස එලවන සුලු කාර්‍යයන් පමනක් බවට පත් වී තිබුණි මෙම  අවදියේ ලෙස්ටර් ගේ ආගමනය අනාගත සිංහල සිනමාවට සුභ ලක්ෂනයක් විය.
ලාංකේය සිනමාවේ යතාර්තය නිර්මානයට අත්පොත් තැබූ ඔහු තම සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ස්වභාවික දර්ශනතලයේදී රේඛාව නිර්මානය කරන්නේ දැඩි අභියෝග මැදය ලාංකේය සමාජයේ යතාව තතා ලෙස සිනමා කැමරාවේ රදවා ගන්නා ලෙස්ටර් රෙඛාව රිදී තිරය මත ප්‍රක්ශේපනය කරනු ලැබුයේ අනාගත බලපොරොත්තු සහිතවය නමුත් රිදීතිරයේ මෙතෙක් රැදවුනු ෆැන්ටසිමය ප්‍රේමනීය කතාවන් තුලින් බැහැර වූ මෙය ප්‍රේක්ශකයන්ගේ හා විචාරකයන්ගෙ නිර්දය විවෙචනයට ලක් විය. කාන්ස් සිනමා උලෙලේ තිරගත වීමට නිර්දේශ වූ රේඛාව ලාංකේය ප්‍රේක්ශකයන් තුලින් ප්‍රතික්ශේප විය.නමුත් මෙරට සිනමාවට පැහදිලි හා බලාපොරොත්තු තැබිය හැකි නිර්මානයක් ලෙස රෙඛාව හැදින්විය හැකි අතර එය බිහි වූයේද මෙරට සියලු ක්ෂේත්‍රයන් තුල හැරවුම් ලක්ෂ බිහි කල අවදියක විය.සරච්චන්ද්‍රයන් මනමේ බිහිකර මෙරට නට්‍ය කලාවේ කේන්ද්‍රීය සලකුන සනිටුහන් කල අතර දේශපාලනික ආර්තික සංස්කෘතික හා සාමාජීය පරිවර්තනයන් රැසක් එම අවදිය තුල සිදු විය.රේඛාව ප්‍රතික්ශේප වූයේ හා විවේචනයට බදුන් වූයේ මෙරට ගැමි අශ්ෂීලත්වය ලොවට පෙන්වීමට දරනා වෑයමක් ලෙස එය සලකාය.සම්ප්‍රදායික ගම අනෙකුත් නිර්මාණයන් හමුවේ උත්කර්ෂයට නගා ඇති අතර රේඛාව හරහා ගම තුල ගැබ් වී අති යම් යම් අසංස්කෘතික ස්තානයන් ස්පර්ශ කලේය.එම ස්පර්ශය යම් යම් පිරිස් හට එකල දරා ගැනීමට නොහැකි වූ අතර චිත්‍රපටය අසාර්තක විය.රේඛාව කාන්ස් චිත්‍රපට උලෙලේ ප්‍රදර්ශනය වූ මෙරට පලවන චිත්‍රපටය වන අතර චිත්‍රපටය එරට ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙරට පාලනය කල දේශපාලන අදිකාරියෙහි යම් යම් කොටස් අකමැති විය නමුත් සියලු බාදක මැද කාන්ස් චිත්‍රපට උලෙලේ රේඛාව තිරගත විය එහි විශේෂත්වය වූවේ රේඛාවෙ අඩංගු ගීත චිත්‍රපටයෙන් ඉවත්කර තිබීමයි.මෙරට ග්‍රාමීය සැබෑ ස්වරූපය යම් ආකාරයකට අපුල දනවන්නක් වන අතර එය ජත්‍යන්තරය හමුවේ සනිටුහන් කිරීම මෙරටට කැලලක් විය හැකි බව ඔවුන් ගේ අදහස විය.එවකට පාර්ලිමේන්තුව තුලද රේඛාව චිත්‍රපටයට දැඩි විවේචන එල්ල වූ අතර නිර්මාණයේ අඩංගු යථාව බහුතරයට දරා ගැනීමට අපහසු විය.රේඛාව නැරබූ ප්‍රේක්ශකයන් සිනමා හලෙන් පිටතට ආවේ නිර්මානය පිලිබඳ විවේචන එල්ල කරමින් වන අතර ඔවුන් බලාපොරොත්තු වූ ෆැන්ටසිමය අලංකාරය එහි ගැබ් නොවීම එයට හේතුව විය.

                             රේඛාව හමුවේ මෙරට සිනමාව කෙරෙහි කලකිරී සිටි ලෙස්ටර් හට කේ.ගුනරත්නම් ගේ සහයෝගයෙන් ඉන් වසර හතරකට පසු “සංදේශය” නිපදවීමට හැකි විය.“සංදේශය”(1960) ලෙස්ටර් ගේ දෙවන සිනමා නිර්මාණය වන අතර රේඛාවේ මෙන් ලෙස්ටර් හා විලි බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් මෙම සිනමා නිර්මාණයට දායකත්වය දැක්වූ අතර රේඛාවේදී දරුණු ආර්ථික පරාජයකට මුහුන දී සිටි ලෙස්ටර් සිනමාස් ආයතනයේ කේ.ගුනරත්නම් ගේ පිරිවැය යොදවමින් සංදේශය නිර්මාණය කලහ.පෘතුගීසි ආණ්ඩු පාලන සමය තුල සිදු වූ සිදු වීමක් මුල්කොටගෙන මෙම චිත්‍රපටය නිපද වූ අතර විශාල දර්ශනතල තුල හා විශාල පිරිසකගේ සහයෙන් සංදේශය නිපද වූ ලෙස්ටර් 1960 වසරේ අති විශාල ආදායමක් හා ප්‍රේක්ශක ප්‍රචාරයක් දිනා ගත්හ.

                             1960 සංදේශය වානිජවාදී චිත්‍රපටයක් වූ අතර ලෙස්ටර් ගේ අර්ථපිරි සාරවත් චිත්‍රපට කර්මාන්තයේ අග්‍ර පලය ලෙස “ගම්පෙරලිය” බිහි වන්නේ මින් පසුවය.1963 වසරේ ගෝල්ඩන් පීකොක් (රජත මයුර සමානය)ගම්පෙරලිය පිදුම් ලබන්නේ මෙහි ඇති ගම්පෙරලිය නවකතාවේ කතා කරුවාගේ පරිකල්පනීය ශක්තිය මනාව ග්‍රහනය කොට වචන රූපයට නැගීමට ඇති හැකියාව මත පිහිටා විය යුතුය.ගම්පෙරලිය නවකතාවේ අඩංගු දෙබස්  තුල ඇති චිත්ත රූප එලෙසම සෙලෝලයිඩ් පටලය මත චිත්‍රනය කිරීමට සමත් වූ ලෙස්ටර් ලාංකේය සිනමා ප්‍රේක්ශකයා තුල යම් කාරනාවක් ගම්පෙරලිය හරහා ඇති කිරීමට සමත් විය.
සාම්ප්‍රදායික දනේශ්වර පන්ති සමාජය අභිමානය දියාරු වී යාම සංඛේතවත් කරන කයිසාරුවත්තේ මුහන්දිරම් වලව්ව දිරා යාමත් එම පන්තියේ බිඳ වැටීමත් සමග නව වානිජවාදී පන්තියක නැගී ඒමත් එම පන්තිය එකතු වීම හා බැදුනු නන්දා හා පියල්ගේ විවාහයත් වික්‍රමසිංහ ශූරීන් සංඛේතීය ලෙස ඉදිරිපත් කල අතර ලෙස්ටර් ඉතා ශූර ලෙස මෙම සමාජ සංකූලතාවයන් සෙලෝලයිඩ් පටය තුල චිත්‍රනය කලහ.නව වානිජවාදී පන්තිය සාම්ප්‍රදායික දනේශ්වරයන් පරයා නැගී සිටින අයුරු සිනමාපටය හරහා චිත්‍රනය කල අතර ලාංකේය සිනමා කරුවන් ප්‍රේක්ශකයන් මෙන්ම ලොව පුරා සිනමා රසිකයන්ද එය සිනමාත්මක ලෙස වැලඳගත්හ.ගම්පෙරලිය හරහා වික්‍රමසිංහයන් ස්ත්‍රියගේ ආශාවන් හා හැගීම් සියුම් ලෙස වචන වලට ගැලපූ අතර ලෙස්ටර් ඒවා රූප බවට පරිවර්තනය කලහ.

                             ග්‍රාමීය සමාජය තුල සිනමාත්මක කරක් ගැසූ ලෙස්ටර් සුපුරුදු ලෙස ඉංග්‍රීසි උගත් මැද පංතිය වෙත සිනමාත්මකව සේන්දු වූ අවස්තාවක් ලෙස “දෙලොවක් අතර” (1966) හැදින්විය හැකිය.ලෙස්ටර් ඉංග්‍රීසි උගත් මැද  පංතිය තුල සැදුනු තරුණයකු වන අතර ඔහු පලමු වරට තම පංතිය සිනමාත්මකව ස්පර්ශ කල අවස්තාව ලෙස දෙලොවක් අතර හැදින්විය හකිය.සම්මත චාරිත්‍ර වලට අබ්බැහි වූ පවුලක සිතුම් පැතුම් පිලිබදව යදම් වලින් බැද දෙලොවක් අතර අතරමංවන තරුණයෙකු පිලිබද මෙම චිත්‍රපටයෙන් කියවෙන අතර 1967 වසරේ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලෙස්ටර් දිනා ගැනීමේදී නිස්සංකගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගැනීමට ටෝනි රණසිංහ සමත් විය.මීට අමතරව හොදම සිනමාකැමරාකරනයට හිමි සම්මානය ලෙස්ටර් ගේ සිනමා ගමනේ ගජයා වූ විලී බ්ලේක් දිනා ගත්හ.ඉතා අලංකාර වූ ගීත වලින් හා සංගීතයෙන්ද මෙම චිත්‍රපටය සමන්විතවිය.
උපතින් කතෝලික වු ලෙස්ටර් පූර්ණ ලෙස බෞද් කතා තේමාවක් මුල්කොට තැනූ චිත්‍රපටය ලෙස “රන්සලු” (1967) හැදින්විය හැකිය.සිනමාව,ජීවිතය හා සමාජය කතා තේමාවන් සදහා යොදා ගත් ලෙස්ටර් ආගම මූලික කොට රන්සලු නිර්මාණය කලහ.විචාරකයින්ගේ පැසසුමට හා ගැරහුමට ලක් වූ රන්සලු එම වසරේ කෝරික් ජත්‍යන්තර චිත්‍රපට උලෙලේ රිදී කුසලානය දිනා ගත් අතර 1969 නවදිල්ලි චිත්‍රපට උලලේ ගාන්ධි සම්මානය දිනා ගත්හ.ඉහල මධ්‍යම පංතියෙන් බිහි වූ ලෙස්ටර් බටහිර ඇවතුම් පැවතුම් කුඩා කල සිට රැගෙන ආ නිර්මානකරුවෙකු වන අතර ඔහු ලාංකේය සමාජයේ ඇවතුම් පැවතුම් හා උරුමයන්ද සියුම් ලෙස ස්පර්ශ කල කලාකරුවෙකු ලෙස දැක්විය හැකිය. බෞද් නොවන පරිසරයක හැදී වැඩුනු ලෙස්ටර් රන්සලු බෞද් උරුවට නිර්මාණය කලේ කලාකරුවෙකු තුල ඇති පරිචය මනා ලෙස විහිදාලමින්ය.

                             1968 වර්ෂය ලෙස්ටර් “ගොලු හදවත” රිදී තිරයට රැගෙන ආ වර්ෂය විය.1969 සරසවි සම්මාන උලලේ හොඳම නිලිය ලෙස අනුලා කරුනාතිලක සම්මාන ලබා ගත් ගොලු හදවත ප්‍රේක්ශක ආකර්ශනය ලබා ගත් චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකිය.සුගත් වීරසේකර ලෙස රගපෑ වික්‍රම බොගොඩ ගේ රංගනයත් ලෙස්ටර් ගේ සිනමාව තුල විලී බ්ලෙක් ටයිටස්  තොටවත්ත මෙන්ම කේමදාස අනන්‍යතාවයත් සිනමාපට වලට අපූර්වත්වයක් එක් කල කාරනා විය.ගොලු හදවතේ සුමියුරු සංගීතය කේමදාසයන්ගේ වන අතර එහි තේමා වාදනය කේමදාස අනන්‍යතාවය තුල ගැබ් වූ සංවේගයන් ලෙසද සදහන් විය.එම්.එස් ආනදයන්ගේ කැමරාකරණයත් මෙහි අමතක නොකල යුතු කරුනක් විය.ගොලු හදවත චිත්‍රපයටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ අතර එම වානිජ ජයග්‍රහනයෙන් පසු  සිලොන් තියටර් සමාගම චිත්‍රපට දෙකක් නිශ්පාදනය සඳහා ලෙස්ටර් සමග ගිවිසුම් අත්සන් කලහ.

                       මඩවල එස්.රත්නායක ගේ නවකතාවක් පාදක කොට “අක්කර පහ” චිත්‍රපටය ලෙස්ටර් නිර්මාණය කරන අතර තිස්ස අබේසේකර මෙහි තිරපිටපත ලිවීය මිල්ටන් ජයවර්න මාලිනී ෆොන්සේකා ජානකී කුලකුලසූරිය රංගනයෙන් දායක විය.මෙම චිත්‍රපටය වානිජ වශයෙන් සාර්ක නොවීය.ලෙස්ටර් කතා බහට ලක් නොවූ චිත්‍රපට ගොන්න අතරට මෙම චිත්‍රපටය එක් වන අතර ගම නගරය අතර දෝලනය වන තරුණයකුගේ ජීවිත කතාව රැගත් අක්කර පහ චිත්‍රපටය පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවවන්ගේ සුමිහිරි හඬටද ඉඩක් ලබා දී තිබීම දැකිය හැකි විය.

                      ලෙස්ටර් ගේ සිනමා බාවිතාව සමාජානුයෝජනය වූ හා පංතිවාදී මානයක් හා පංතිවාදයේ යතාව නිරූපනය වන්නා වූ සිනමාවක් වන අතර එහි මූලික ලක්ෂය ලෙස ගම්පෙරලිය හදුන්වාදිය හැක.නමුත් සිනමාත්මක හා කලාත්මක නිර්මානාත්මක ලෙස සාච්චාවකට බදුන් කල විට පංති සෝදාපාලුව හා ස්ත්‍රියගේ භූමිකාව මනා ලෙස චිත්‍රනය කල සිනමා පටයක් ලෙස “නිධානය”(1972) චිත්‍රපයටය හැදින්විය හකිය.එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවේ නිපදවූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක් වූ නිදානය පී.බී සේනානායකගගේ කෘතිය ඇසුරින් තිස්ස අබේසේකරයන් අතින් පිටපත ලියා සකස් කොට ලෙස්ටර් අතින් සිනමාවට නැගූ ලෙස්ටර්ගේ සිනමා ගමනේ අග්‍ර පලය ලෙස හැදින් විය හැකිය.ඉඩම් හිමි රඳල විලී අබේනායක ඔහුගේ විනාශ මුඛයට යන දේපල ආරක්ශා කර ගැනීමට තම් බිරිද බිලිදෙන කතාවක් මෙහි මෙහි නිරූපනය වන අතර විලී යනු පිරිහී යන්නා වූ රඳල වාදයේ සංඛේතයකි.ඔහු තම පිරිහීමෙන් ගොඩ ඒමට අදිටන් කරනුයේ තම බිරිඳ නිධානයකට බිලිදීනෙමෙන්ය.ඔහු පාරම්පරික මිත්‍යාවන්ට හා විශ්වාසයන්ට ගොදුරුව තම බිරිද මරා දමන අතර අවසානයේ ඔහුගේ උත්සාහය පල රහිත වෙයි.ලෙස්ටර් රිදී තිරය මත පතිත කරනුයේ මේ සත්‍යයි.නිධානය යනු විලී අබේනායක නම් පුද්ගලයන්ගේ චරිතාපදානයයි.ඔහුගේ හැසිරීම හේතුඵල සම්බන්ද ඇත එය තිරනාටක ශිල්පියා හා අධ්‍යක්ෂකවරයා මනා ලෙස නිරූපනය කර අත.



                   ලෙස්ටර්ගේ දෙලොවක් අතර හා අක්කර පහ අසාර්තක වන්නේ යම් ආකරයකට එහි තිරපිටපත් වල තිබූ දුර්වලතාවයන්ය තිස්ස අබේසේකරයන්ගේ තිර පිටපත තුල තිබූ ගුණාත්මක භාවය මෙම චිත්‍රපටය මේසා විශාල කීර්තියක් ලැබීම පිටුපස තිබූ හස්තය විය හැක.ගාමිනි ෆොන්සේකා,මාලනී ෆොන්සේකා,සමන් බොකලවෙල,ෆ්‍රැන්සිස් පෙරේරා,ශාන්ති ලේඛා මෙහි චරිත නිරූපනය කරන අතර සිලෝන් තියටර් සමාගමේ නිශ්පාදනයක් විය.එම්.එස් ආනන්දන් ගේ කැමරාකරනයෙන් මෙහි රූප රාමූ වල විෂිශ්ටත්වය කියා පෑහ.කේමදාසයන්ගේ මියුරු සංගීතය කේමදාසයන්ගේ අනන්‍යතාවය නිරූපනය කල අතර චිත්‍රපටයටද ජවයක් එක් කලහ.

                 ඉතාලියේ වැනීස් ජත්‍යන්තර චිත්‍රපට උලලේ දී මෙයට රජත සිංහ සම්මානයත් ප්‍රංශයේ සිනේ මාක් ආයතනය විසින් ලෝක සිනමාවට සියවසක් පිරීම නිමිත්තෙන් 1995 දී ලෝක සිනමාවේ හොදම චිත්‍රපට 100 අතරටත් 1999 කොරියාවේ 4 වන පූසාන් අන්තර්ජාතික චිත්‍රපට උලලේ 20 වන සියවසේ ආසියාවේ නිර්මානය වූ හොදම චිත්‍රපට 13 න් එකක් ලෙසත් නිධානය නම් කලහ. දේශිය විදෙශීය සම්මාන හා ඇගයීම් අති විශාල ප්‍රමානයකට උරුමකම් කියූ ලෙස්ටර් ගේ නිධානය සිනමා ගොනුවේ නිධානයක්ම විය.

            1972 “දෑස නිසා” චිත්‍රපටයද, 1975  වසරේ ලෙස්ටර් ගේ පලමු ඉංග්‍රීසි චිත්‍රපටය “ද ගෝඩ් කිං” ද නිර්මාණය කල ලෙස්ටර් 1976 වසරේ ජනප්‍රිය වූ “මඩොල් දූව” නිර්මානය කල නිර්මාණශිල්පියා විය.මාටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඇදුතු නව කතා ත්‍රිත්වයම සිනමාවට ගෙන ආ ලෙස්ටර් මඩොල් දූව හරහාද නව ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත්හ.
1978 “අහසින් පොලොවට” චිත්‍රපටය ලෙස්ටර් නිර්මානය කල අතර මධ්‍යම පාන්තික පවුල් පරිසරය හා ආදරය ලෙස්ටර් ගේ අහසින් පොලොවට තේමා විය ටෝනි රණසිංහ,වසන්ති චතුරානි,ශ්‍රියානි අමරසේන හා ඩී.ආර් නානයක්කාර චරිත නිරූපනය කලහ. තත්කාලීන සමාජය හා දේශපාලනය පසුබිම මෙම නිර්මාණ තුල අන්තර්ගත වූ අතර දේශිය හා විදේශීය සම්මාන වලටද අවස්තාව හිමි විය.

               1979 ළමා කතාවක් රැගත් “පිංහාමි” ලෙස්ටර් අතින් නිර්මාණය වූ අතර 1979 “වීර පුරන් අප්පු” චිත්‍රපටය හරහාද ප්‍රේක්ෂක අවදානය දිනා ගැනීමට ලෙස්ටර් සමත් විය. ගම්පෙරලිය චිත්‍රපටයෙන් පසු ලෙස්ටර් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඇදුතු නව කතාව “කලියුගය” හා “යුගාන්තය” සිනමාවට රැගෙන ආ අතර ඒවා සිනමා ලෝලීන් හා සහිත්‍ය ලෝලීන් අතර නොමද පැසසුමට හා ඇගයීමට ලක් විය.

                       1995 වසරේ තිරගත වූ “අවරගිර” හා 2002 වසරේ තිරගත වූ “වෑකන්ද වලව්ව” චිත්‍රපටය හරහා ලෙස්ටර් සුපුරුදු ලෙස දනේශ්වර වැඩවසම් ක්‍රමය තුල අභ්‍යන්තර පරිහානිය සිනමාත්මකව ඉදිරිපත් කල අතර 2007 වසරේ තිරගත වූ “අම්මාවරුනේ” චිත්‍රපටය නිපදවා ලෙස්ටර් කියා සිටියේ තමා සිනමාවෙන් සමු ගන්නා බවයි.

                   1977 වසරේ මෙරට විවෘත්ත ආර්තිකය හරහා නිශ්පාදන වෙලඳපලට විවර වන අතර එය මෙරට ජන ජීවිතයට මෙන්ම සියලු කලා මාධ්‍යන් සඳහාද බලපෑමක් එල්ල කල කරුණක්විය.ලෙස්ටර් ගේ සිනමා ගමනේ 1977 න් පසු නිර්මාණය වූ සිනමාපට එතරම් සාර්තකත්වයක් අත් කර නොගත් අතර රූපවාහිනී හා වෙනත් කලා මාධ්‍ය හමුවේ ගැටීමට තරම් ප්‍රභල සිනමාපට ඔහුගෙන් බිහි නොවීම දැකිය හකි විය. විවෘත්ත වෙලඳපල රටාව තුල උරෙන් උර ගැටීම්ට සිනමකරුවන් ආකර්ෂණීය චිත්‍රපට නිපදවූ අතර මෙම යුගයේ චිත්‍රපට එවකට ටෙලිනාට්‍ය හමුවේ තරඟ කල හැකි ඒවා වීම විශෙෂත්වයක් විය.ලෙටර් ගේ අවරගිර,වෑකන්ද වලවුව ධනේශ්වරය පරිහානියට යන ආකාරය ප්‍රතිනිර්මාණය කල චිත්‍රපට වූ අතර වානිජ වශයෙන් හෝ කලාත්මක වශයෙන් සැලකිය යුතු නිර්මාණ බිහි වීම පසු කාලයේ දැකිය නොහැකි විය.

                    ජාතියේ සිනමාකරු,හෙලයේ මහා සිනමාකරු වැනි ගෞරව නාමයන් රාජ්‍ය විසින් ඔහුට ලබා දී තිබූ අතර සැබෑ ලෙසම ඔහු හෙලයේ සිනමාකරුවෙක් නොවීය.1956 බණ්ඩාරනායක රජය සඝ,වෙඳ,ගුරු,ගොවි,කම්කරු පංච මහා බලවේගය නිර්මාණය කල අතර සිංහල බෞද්ධ රජ්‍ය සංකල්පය ගොඩ නංවා ගම උත්කර්ෂවත් කලහ.මෙකල ලෙස්ටර් තම සිනමාව හරහා ගමෙහි අශ්ෂීලත්වය සිනමාව හරහා ඉදිරිපත් කල අතර ඔහුගේ සිනමාව තුල සිංහල බෞද්ධ රජ්‍ය හෝ ගම උත්කර්ෂවත් කිරීම දැකිය නොහැකි විය,රජ්‍ය විසින් කලා කලාකරුවන්ට හා කලා කෘතීන් වලට ප්‍රධානය කරන ලද ජාතියේ කලා කරුවන් හා ජාතියේ කලා කෘතීන් ලෙස්ටර් අතින් නිර්මාණය නොවූ අතර ඔහු රජ්‍යට අවැසි ලෙස සිනමාව හැදෑරූ අයෙක්ද නොවීය.ඔහු 1956 වැනි සියලු සංකල්පයන් උපන් හා අධි සංස්කෘතික වූ කාලයක් තුල වෙනස් යමක් කිරීම සඳහා සැබැවින්ම අවංක උත්සහයක් ගත් කලා කරුවෙකු විය ඔහුගේ උත්සාහය සඵල විය.ඔහුගෙන් පසු ආ පතිරාජයන් හා ධර්මසිරි බණ්ඩාරනායකයන් ඔහුගේ අවෑමෙන් කලා නිර්මාණ බිහි කල අතර තුන්වෙනි පරම්පරාවේ අධ්‍යක්ෂකවරුන් ලෙස නම් කල අශෝක හඳගම,ප්‍රසන්න විතානගේ,විමුක්ති ජයසුන්දර,සංජීව පුශ්පකුමාර හා මෑතකාලීන නවක සිනමාකරුවන්ටද ලෙස්ටර් ආදර්ශයක් විය.  

                   දෙස් විදෙස් සිනමා සම්මාන උලෙල වල ඇගයිමට නොමදව පාත්‍ර වූ ලෙස්ටර් සිනමාව තුල මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන් තුලත් ප්‍රචලිත වූයේ නිරන්තර යාවත්කාලීන වන මිනිසෙකු ලෙසය  සිනමා සං‍රක්ෂණාගාරයක හසිහිනය සිත්හි තබා ජීවත් වූ ලෙස්ටර් ඒ වෙනුවට යෙදූ උත්සහයන්ද සුලුපටු වූයේ නැත.කෙසේ නමුත් මිය යන තෙක්ම එතුමා හට සිනමා සං‍රක්ෂණාගාරයක හසිහිනය සබෑ කර ගත හැකි නොවූ අතර මෙරට රාමුවකට කොටු වූ සිනමා කර්මාණ්තයක් පැවති අවදියක එම සිනමාපට දැඩි ලෙස ඇදහූ අවදියක වෙනස් යමක් කිරීම උදෙසා ලෙස්ටර් නිර්භීත විය සැබැවින්ම ලෙස්ටර් රැඩිකල් සිනමාකරුවෙකු විය.

                                                                                            අමිල නිශාන්ත....

Post a Comment

2 Comments