“අලුත් එකක්
ලීක් වෙලා”
“අඩෝ ලින්ක් එක එවහන්කෝ බන්”
“ කොහේ එකක්
ද බන්”
“මට ලින්ක්
එක ඉන්බොක්ස් එවහන්”
ඉහත වදන්
මුහුණු පොත හරහා නිරන්තර දක්නට ලැබෙන වදන් ය.ෆේස්බුක් කමෙන්ට් ලෙසත් එකිනෙකා හරහා
යවා ගන්නා පෞද්ගලික පණිවිඩ හරහාත් ලීක් වූ දේ සොයා යන්නට හුරු පුරුදු වූ සමාජයක්
මේ වන විට සැදී අවසන් ය.
ලීක්
වීඩියෝවන් වල අලුත්ම පරිච්චේදය ලියවෙන්නේ නුවර උසස් බාලිකාවක තරුණියකගේ යැයි
හැගවෙන වීඩීයෝවක් මේ ව්න විට අන්තර්ජාලය පුරාවට සැරිසරන මොහෙතේය.මේ වන විට එම
වීඩියෝව රස කර බලනා පිරිසක් හා අනේ අපොයි මේවා නොවිය යුතුයි යන අදහසින් සිටිනා
පිරිසක්ද අන්තර්ජාල පරිභෝජනය කරන පිරිස අතර සිටින බව කිව යුතුය.තරුණියගේ ආදරේ
අසීමාන්තික ස්තානයට පැමිනි විට හෝ තම ආදරය රැක ගැනීමේ අඩියක සිටින විටදී හෝ
තරුණයෙකු අතින් එම දුර්වලතාවන් වාසියට ගෙන මෙවන් වීඩියෝපට අන්තජාලයට එක් වූ අවස්තා
මෙය පමණක් නොවන බව මින් මුලින්ම සදහන් කල යුතුය.තරුණයා තම පෙම්වතියගේ ශරීරය දැක
එහි රසය විද ඔහුගේ යහලුවන් හා එම රස පහස බෙදා ගැනීමට දෙවරක් නොසිතන අතර ආදරය
නොවටිනා අඩියකට වැටුනු පසු තමා රස කර විද ගත් පෙම්වතියගේ ශරීරය අන්‍යන්ද විද දක්වන
ප්‍රතිචාර බැලීමට තරම් සාහසික වීමට ඔහු ප්‍රමාද නොවන්නේ නොදිවුනු සමාජයක සිට ඉතා
ඉක්මනින් ඩිජිටල්කරණය වූ මෙරට සමාජජාල හා
අන්තර්ජාල පහසුකම්ද තම උදවුකරුවන් ලෙස යොදා ගනිමින් ය.
සමස්ත
සමාජයම ඉතා ඉක්මන් ලෙස ඩිජිටල්කරණයට ලක් වී ඇති යුගයක වයස් පරතරයකින් තොරව සමාජජාල
හා අනෙකුත් අන්තර්ජාල පහසුකම් සියල්ලද මේ වන විට රිසි සේ නිදහසේ විදගැනීමට සියල්ලට
හැකිව තිබීම ලීක් වූ වීඩියෝ ඉතා ඉක්මනින් රස විදීමට හැකියාව උදාකර දී තිබෙන
අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.කෑම බීම විලාසිතාවන් යාන වාහන මිල මුදල් හා ආදරයද
අන්තර්ජාලය හරහා උපයාගත හැකි කාලය මේ වන විට උදා වී හමාරය.සියල්ලන් ජංගම දුරකතනය
හා තම හැගීම් බෙදා හදා ගන්නා අතර බාහිර සමාජයෙන් ක්‍රමක්ක්‍රමයෙන් ඇත් වී හුදකලා
වී යාම සුලබ ලෙසම දැකිය හැකි තත්ත්වයක් බව එදිනෙදා මහමග ගමන් ගන්නෙකුට වුවද වැඩි
ආයාසයකින් තොරව සිතා ගත හැකිය.
වත්මන් තරුණ
තරුණියන්ගේ ආදරයද ලියලා දළුලා ඒමට ඩිජිටල්කරණය වූ ලොව තුල අන්තර්ජාලය හා ජංගම
දුරකතනය ඉතා විශාල පිටුවහලක් සපයන අතර ඒවායින් තොර ආදරයක් හා බැදීමක් පිලිබදව සිතා
ගැනීමටවත් නොහැකි අඩියකට තරුණ තරුණියන් පත් වී හමාරය.මෙහි භයානක පැත්ත ඉතා
ඛෙදජනකය. නමුත් මෙම තාක්ෂණික යාවත්කාලීන ලෝකයේ හැගීම් බෙදා හදා
ගැනීමට අන්තර්ජාලය යොදා ගැනීම ඉතා සාමාන්‍යකරණය වීම එම ඛේදජනක තත්ත්වය තව තවත්
භයානක කරන කරුණක් ලෙස දැක්විය හැක.ආදරයේ උපරිම සීමාවද ඉක්මවා තවත් ඉතා සියුම් අංශු
මාත්‍රයක් එම සීමාව ඉක්මවා ගිය තැන ආදරයේ ආදරණීය වදන් වලට අමතර හැගීම්ද බෙදා හදා
ගැනීමට අන්තර්ජාලය පාවිච්චි කිරීම මෙම භයානක අඩියට පාදම දැමීමක් විය.
“මට ඔයාව
බලන්න ඕනි”
යැයි
පෙම්වතා පැවසූ විට සමජජාල වීඩීයෝ හුවමාරු පහසුකම් ඔස්සේ පෙම්වතා ඉදිරියේ පෙනී
සිටීමට තරුණිය මැලි කමක් නොදක්වන්නේ ආදරයේ උපරිම සීමාව අමතක වී ගොස් ඇති නිසා හෝ මෙහි
අවුල් සහගත පැතිකඩ පිලිබද අවබෝදයක් නොමැති නිසා විය හැකිය.
“ඔහොම බලලා
වැඩක් නෑ”
පෙම්වතා ගේ
එම වචන වලින් පසු තරුණියන් එයටද මැලි නොවන්නේ ආදරයේ උපරිම සීමාවට වඩා අංශු මාත්‍රයක්
පමණ සීමාව පැන ඉදිරියට ගොස් හැගීම් වලට ඉතා ඉක්මනින් මුල් තැන දීමෙන් ය.ශිෂ්ඨ සම්පන්න සමාජයක
ගැහැණිය ඉතා විනීතය පිරිමියෙකු දෙස ඇස් අගකින්වත් බැලීම සුදුසු නැත අත් දිගට හැදිය
යුතුය.ඇග වැසෙන ලෙස හැදිය යුතුය කොන්ඩය පාට කිරීම ඉතා විශාල වැරැද්දකි ශබ්ද නගා
කතා කිරීම සිනහා වීම සමාජ ගැරහුම් වලට පාත්‍ර වීමට ඉඩ ඇති ක්‍රියාවන් ය .මෙවන්
සමාජයක ඊනියා සංස්කෘතික සුචරිතවාදීන් ආදරයේ උපරිම සීමාවට අංශුමාත්‍රයක සීමාවක් පැන
අතික්‍රමනය කල තරුණියක් කෙසේ නම් පිලිගනීද? අවසානයේ ඇයට උරුම මරණයද විය
හැකිය.නැතහොත් ගැරහුම් නින්දා අපහාසය.එය අනාදිමත් කලක සිට සමාජය සැකසී ඇති අන්දමය
එයට දොස් නගා බිල්ලන් සේ අන්‍යන්ට සොරා ලීක් වූ වීඩියෝ පට නරබා සතුටු වීම පමණක්
සිදු කිරීම ප්‍රමාණවත් ද?
අද වන විට
පාසල් යන වයසේ තරුණ තරුණියන් ආදර සම්බන්දතා පැවැත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව
ඇත.සති අග මෙම පාසල් පෙම්වතුන් තාවකාලික ලැගුම්හල් කරා යාමද සුලබදසුනක් වී හමාරය
මේ හරහා ඉහත සදහන් කල වීඩීයෝ පට ඉදිරියේදී තවත් ලීක් වනු ඇත.ඒවා රස කර බලන්නටත්
මේවා සුදුසු නැති වැඩයයි පවසා සියල්ලට සොරා ඒවා රස විදීමටත් පිරිසක් තව තවත් බිහි
වනු ඇත.සියල්ල අවසානයේ ආදරයේ උපරිම සීමාව පැන තවත් අංශුමාත්‍ර සීමාවක් අතික්‍රමනය
කර බුද්ධියට ඉඩ නොදී හැගීම් වලට මුල් වූ තරුණියන් මෙම සමාජක්‍රමය තුල අතරමං වනු
ඇත.
අමිල
නිශාන්ත
0 Comments