ලෝක සිනමාවේ මුත්තා හා අපේ සිනමාවේ ආතා




1896 වසරේ ලුමියර් සොහොයුරන් සිනමාව සඳහා තැබූ ආරම්භක පියවර අද වන විට දීර්ඝකාලීන ලෙස යාවත්කාලීන වී ඉතා දියුණු මට්ටමකට පත් වී ඇති ආකාරය සිනමා රසිකයන්ට මෙන්ම කර්මාන්තයේ නියුතු වූවන්ටද දැකිය හැකි ලක්ෂණයක් බව නොරහසකි.ලෝක සිනමාව වසර 130 කට ආසන්න කාලයක් පුරා සීඝ්‍ර ලෙස යාවත්කාලීන වූ අතර සෝචනීය ලෙස බලපාන කරුණ නම් ලංකේය සිනමාවට වසර 71 පමණ ගත වුවත් තවමත් සාධනීය මට්ටමකට ලගා වීමට මෙරට සිනමාවට නොහැකි වීමයි.
1896 ලුමියර් සොහොයුරන් දුම්රියක පැමිණීම රූපගතකර චලන චිත්‍රය මතට ගෙන ආ අතර ක්‍රමිකව එයට සංස්කරණ රීතිය ආසක්ත වූ අතර එය සිනමාවේ හැරවුම් ලක්ෂයක් විය 1930 දශකය වන විට චලන චිත්‍රයට හඬ මුසු වූ අතර එයට පසු වසර 17 වැනි කාලයක් තුල සිංහල සිනමාවට හඬ සමඟ චිත්‍රපට එකතු වූ අතර විනෝදාත්මක,දේශපාලන හා කලාත්මක ලෙස විවිධාකාර සිනමාපට සිංහල සිනමාවට එක් විය නමුත් වර්තමානය වන විටත් මෙරට තුල නිපදවෙන බොහෝ චිත්‍රපට ඉතා ප්‍රාථමික ඝනයේ චිත්‍රපට වන අතර වසර 71 ක ඉතිහාසයක් එයට අන්තර්ගත වී ඇති බවද කිව නොහැකිය.

කලාවක් සාහිත්‍යක් විද්‍යාවක් යාවත්කාලීන වීම වැදගත් වන්නේ සමකාලීන සමාජ සන්දර්භය හා ගැටීම සඳහා එය අමතර බලපෑමක් කරන බැවින්ය.සිනමාවටද එය එසේමය බොලිවුඩ් හා කොලිවුඩ් සිනමාව හොලිවුඩය අතික්‍රමනය කරන දිනය වැඩි ඈතක නැත.එය නිතර යාවත්කාලීන වන විට එය වටා ගොඩ නැගෙන ප්‍රේක්ෂක සමූහයද ප්‍රසාරණය වනු ඇත.
සිංහල සිනමාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය තාක්ෂණික හෝ කලාත්මක වශයෙන් තවමත් සිංහල සිනමාව පරිනත වී නොමැති අතර මල්ගස් වටා දුව පැන නටන නළු නිලියන් හා ජුගුත්සාජනක ලෙස අහසේ පාවී සිදු වන සටන් ජවනිකා තවමත් අඩුවක් වී නැත.50,60 දශක තුල ලෝක සිනමාව සීඝ්‍රයෙන් ආසියානු සිනමාව පසු කර තිබියදී ඉන්දියාව තුල සිනමා කර්මාන්තය ඉතා සීඝ්‍රයෙන් හොලිවුඩය ආක්‍රමණය කිරීම් අරබා ඇත.ජර්මානු,ප්‍රංශ වැනි ඉතා දියුණු සිනමාවක් පවතින රට වල පවා ඉන්දියානු චිත්‍රපට තිරගත වීම හා ඒ වටා ප්‍රේක්ෂකයන් ගොනු වීම දැකිය හැකි ලක්ෂනයක් විය.

ආසන්න ඉන්දියාව හා බැලූ විට මෙරට සිනමාව ඉතාම ප්‍රථමික අවදියක පවතින අතර සිනමා ශාලා පහසුකම් අවම වීම,බෙදාහැරීමේ මණ්ඩලවල ඇති  දුර්වලතාවයන් නිසි තිරපිටපත් නොමැතිවීම හා වත්තීමය කලාකරුවන් නොමැති වීම ලාංකේය සිනමාපට වලට මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ලෙස දැක්විය හැක.

 70 දශකයේ මෙරට තිබු 300 කට අධික සිනමාශාලා ප්‍රමාණය වර්ථමානය වන විට සියයකට ආසන්න වී ඇත.අගනගරය ආශ්‍රිත Mini Movie Theater ඉදි වීම දැකිය හැකි උවද ග්‍රාමීය මට්ටමට යන විට සිනමාශාලා පහසුකම් ඉතා අවම වීම දැකිය හැකිය.


නිසි ප්‍රමිතියෙන් තොර සිනමාශාලා කෙරෙහි ප්‍රේක්ෂක අවදානය ඉතා අඩු අතර ඒවා හුදෙක් පෙම්වතුන්ගේ නවාතැන්පොලවල් වීම දැකිය හැකිය.1947 වසරේ 35 mm පටය තුල සිනමා රූපය අන්තර්ගත කල අතර වර්තමානය වන විට ද සම්පූර්ණ ලෙස 35 mm  පටයෙන් වෙන්ව සිනමාව ඩිජිටල්කරණය කරලීමට මෙරට සිනමාව හා සම්බන්ධ බලධාරීන් අපොහොසත්ව ඇත.ආසියානු කලාපයේ දිළිඳු හා සිනමා කලාව අතින් පහළ බංගලාදේශය වැනි රටවල්තුල සම්පූර්ණ ලෙස 35 mm ආකාරයට සිනමාපට ගබඩාකර තැබීම හා ප්‍රක්ෂේපනය අවසන් කර ඇති අතර මෙරට තවමත් ඩිජිටල් සිනමාව ආකාරයට චිත්‍රපට පෙන්වීම සම්පූර්ණ ලෙස ව්‍යාප්තව නොමැත. චිත්‍රපට නිෂ්පාදන හිමියාට බෙදා හරින්නාට හා ප්‍රදර්ශකයාට ඉතා වියදම් අවම හා පහසු ක්‍රියාවලියක් වන මෙම ක්‍රමය ගුණාත්මක බාවයෙන් යුතු 4K,2K වැනි ඉතා උසස් රූප තාක්ෂනයෙන්ද යුතු තාක්ෂණික ක්‍රමවීදයකි.

බෙදාහැරීමේ මණ්ඩලවල ඇති අක්‍රමිකතා ඉතා ප්‍රබල ලෙස මෙරට සිනමා කර්මාන්තය සඳහා බලපෑ ඇති අතර මෙරට ඇති MPI,EAP,CEL වැනි ඉතා සීමා සහිත චිත්‍රපට බෙදා හැරීමේ මණ්ඩල වලට චිත්‍රපට යොදා දිගු පෝලිමක බලා සිටීමට සිනමා නිර්මාණ ශිල්පියාට සිදු වී ඇත.රජයේ චිත්‍රපට බෙදා හරින්නා වූ මණ්ඩල වලට චිත්‍රපට යොදා දිගු පෝලිමක බලා සිටීමට සිනමා නිර්මාණ ශිල්පියාට සිදු වී ඇත.රජයේ චිත්‍රපට බෙදා හරින්නා වූ මණ්ඩල තුලට චිත්‍රපට බෙදා හැරීමේ ඒකාධිකාරී බලය ලබා ගත්තද එය සාර්ථක නොවීය රජයේ බෙදා හැරීම් මණ්ඩල වල ඇති අඩුපාඩු හා ඒවා වටා ජනතාව රැස් වීමේ අවමතා මත චිත්‍රපට නිෂ්පාදකයන් විසින් හා අධ්‍යක්ෂකවරු විසින් පෞද්ගලික මණ්ඩලවලට තම සිනමාපට යෙදවීමට තරග කරනු ඇත.ඇතැම් නිෂ්පාදකයන් පෞද්ගලික හැඳුනුකම් මත චිත්‍රපට ප්‍රදර්ශන වාරය පන්නා තම නිර්මාණය තිරගත කරන අතර තවත් නිර්මානශිල්පීන්ට ඉතා දීර්ඝ කාලයක් පුරා බලා සිටීමට ද වීම අභාග්‍යට කරුණක් වී ඇත.

මෙරට කුමන හෝ ක්ෂේත්‍රයකවත් පැහැදිලි වත්තීමය කලාකරුවන් නොසිටීම සෑම සියළු කලා නිර්මාණයක් සඳහාම බලපෑම් කරන අතර ,සිනමාවටද එය එසේමය වෙනත් රැකියාවන් වල නිරතවෙමින් සිනමාව හෝ කලාව පාර්ට් ටයිම් සිදු කරන කලා කරුවන් තුල පැහැදිලි වත්තීය  නිපුනත්වයක් හට නොගන්නා අතර නිර්මාණ බිහි වීමේ සක්‍යතාවයද අවමය. වත්තීය ලෙස මෙරටදී කලාව තෝරා ගැනීම ඉතා අභියෝගාත්මක වන අතර නිසි පැවැත්මක්ද නොමැත වත්තීමය කලාකරුවා රැක ගැනීම සඳහා බලධාරීන් හෝ පාලන ක්‍රමවේදය තුල වැඩ පිළිවෙලක් නොමැති අතර විවේකයට විනෝදයට පමණක් ශේෂ වූ මෙරට කලාව තුල වැදගත් ස්ථානයක් එයට හිමි නොවීමද වත්තීමය කලාකරුවෙකු බිහි නොවීමට බලපා ඇත.බලයට පත් වූ රජයන් තුල සිනමාවට සේවය කරනු වස් මෙරට ප්‍රධාන පෙළෙහි වූ නළු නිලියන් රැසක් තම ස්ථානය සටහන් කර ගත් අතර ඔවුන් එම රජයන් තුල පාලකයන්ගේ වන්දිබට්ටයන් හා ප්‍රචාරණ මාධ්‍යක් ලෙස සේවය කල අතර කලාවට ඔවුන්ගෙන් සිදු වූ සේවය නම් ඉතා අල්පය.

ඉහත සඳහන් කාරණා වල සඳහන්  ප්‍රධානම ගැටළු වලට අමතරව ලාංකේය සිනමාව තුල අඩු ලුහුඩුකම් රැසක් පවතින අතර ඒවාට නිසි පිළියම් නොයෙදවුවහොත් මෙරට සිනමා අනාගතය විනාශයට පත්වන දිනය වැඩි ඈතක නොවනු ඇත.


Post a Comment

0 Comments