එකිනෙක කොහෙත්ම නොපෑහෙන හා නොගැලපෙන ලෙස ඉහත
මතෘකාව දිස් උවද අසීරු ලෙසකින් වුවද මේ වන විට එය ගලපවා ගැනීමට සියල්ලටම සිදු වී ඇත.රුහුණු
විශ්වවිද්‍යාලයේ උපකුලපති හා ශිෂ්‍යන් අතර ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත උපකුලපති
තුමා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අදහස් කිහිපයක් නිසා රුහුණු විශ්වවිද්‍යාලය
මෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාලද සියලු සමාජජාල වෙබ් අඩවි හා පුවත් වෙබ් අඩවි ද මෙම
පුවත ඉතා ඉක්මනින් වාර්තා කරන ලද අතර ඒවායෙහි සත්‍ය අසත්‍යතාවය එහිදී නිවැරදි ලෙස
සොයා බැලුවේද නැද්ද යන්න ගැටලුවක් ලෙස තවමත් ඉතිරිව පවතී.
රුහුණේ උපකුලපති තුමන් කොන්ඩම් භාවිතා නොකරන ලද
පුද්ගලයෙකු විය හැකි අතර ඔහු තම පවුල් සැලසුම පිලිබදව එතරම් සැලකිල්ලක් නොදැක්වූ
පුද්ගලයෙකුද විය හැක.නමුත් ඔහු තේරුම් ගත යුතු සත්‍ය නම් ඔහු සේම අනෙකාද හැසිරිය
යුතුය යන්න ඔහු සිතා සිටිනවා නම් එය ඉතා නූගත් අදහසක් වන අතර කොන්ඩම් භාවිතය සමාජ
විරෝධී හා අප්‍රියජනක දෙයක් ලෙස ඔහු සිතා සිටිනවා නම් ඔහු ඉතා ගෝත්‍රික අදහස් ඇති
පුද්ගලයෙකු වන බව ඔහු තේරුම් ගත යුතුයි.එය මෙරට සමස්ථ විශ්වවිද්‍යාල පද්දතියටම
කරනා හානියක් ලෙසද ඔහු තේරුම් ගත යුත්තේ ඔහු මෙම කොන්ඩම් කතාව ප්‍රසිද්ධ මාධ්‍යයේ
ප්‍රාචාරය කරන විට සරසවි වල සිසු සිසුවියන් කෙරෙහි සමාජ අවබෝධයද වෙනස්කම් වලට
භාජනය වන නිසාය.
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ඉතා පහල
මට්ටමකට මේ වන විට පත් වෙමින් යන අතර විශේෂයෙන් කලා පීඨ වල ගුණාත්මකභාවය ඉතා සීඝ්‍රයෙන්
පහල වැටෙමින් පවතින අවදියක් ලෙස මෙම කාල වකවානුව දැක්විය හැක.පොතට සීමා වී ඇති
ශිෂ්‍යා තුලින් නව අදහසක් හෝ නව නිර්මාණයක් එලි දකින අවස්ථා ඉතා සීමා සහිත වන අතර
ප්‍රායෝගික දැනීමෙන් ඉතා අපොහොසත් පුස් ඔළු සහිත ශිෂ්‍යන් ඉතා සීඝ්‍රයෙන් වත්මන්
විශ්වවිද්‍යාල තුල නිපදවීම ජයටම කෙරීගෙන යන අතර එයට ඉහත දැක් වූ වීසී ලා හා ආචාර්යවරුන්ගෙන්
ලැබෙන පිටිවහලද ඉතා ඉහල වී ඇති අතර ඔවුන්ගේ ශක්තියෙන් හා ආශිර්වාදයෙන් පුස් ඔළු
සහිත කෘතීම ශිෂ්‍යන් ඉතා විශාල ලෙස මේ වන වටි නිපදවමින් පැවතීම රටේ අභාග්‍යක් බවට
පත් වී ඇත.
රුහුණේ සිදුවීම පිටුපස කුමන දේශපලනික කාරනා ගැබ්ව
තිබූවද වීසී එම සිදුවීම අල්ලා ගත් තැන ඉතා ගෝත්‍රික වන අතර ඔහු සිතා සිටිනා ලෙස විශ්වවිද්‍යාල
සිසුන් කොන්ඩම් භාවිතා කිරීම අශ්ෂීල දෙයක් ලෙසය.විශ්වවිද්‍යාල සිසුන් කොන්ඩම් පාවිච්චියෙන්
තොර වූවා නම් මෙතැන ගැටලුවක් පැන නගින අතර කොන්ඩම් භාවිතය දියුණු ලිංගික අධ්‍යාපන
සංස්කෘතියක් ඇති තැනක ඉතා වටිනා සංඛේතයක් ලෙස දැක්විය හැක. අවාසනාවට කරුන නම් විශ්වවිද්‍යාලයක
මහාචාර්ය වරයෙකු එය අශ්ශීල දෙයක් ලෙස දැක ඉතා ජුගුත්සාජනක ලෙස ඒ හරහා ශිෂ්‍ය සංගම්
විවෙචනයට යාම හා තම බලය රැක ගැනීමට වෙහෙසීමයි.කොන්ඩම් පිරි බාල්දි කොහිපයක් හමු වූ
බවක් වීසී විසින් ප්‍රසිද්දියේ පැවසූ අතර ඒවා සනාථ කිරීම සදහා වෙබ් අඩවි කිහිපයක්
හා සමාජජාල කරුවන් විවිධ චායාරූප ගෙන හැර පෙන් වූ අතර ඒවාද අසත්‍ය ඒවා ලෙස පසුව
හදුනා ගත් අතර එම චායාරූප හා පුවත සමාජජාල ඔස්සේ වටේ යවා ආතල් එකක් ගැනීමට පිරිසක්ද
සැරසී සිටියේ වීසී ට නොදෙවෙනි ගෝත්‍රික මනසක් හිමි පුද්ගලයන් ඔවුන් බව සනාථ කරමින්
ය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය තුල ඉතා දරුණු
අගහිගකම් පරිපාලනමය ගැටලු පැන නැගී ඇති කාල වකවානුවක් ලෙස මෙම කාල වකවානුව දැක්විය
හැකි අතර ඒවා පිලිබද තැකීම බලධාරීන් තුලින් ගිලිහී ඇත.ඒවා පසෙක තබා ශිෂ්‍යන්
මර්ධනය කිරීම හා ශිෂ්‍ය නිදහස වාරනය කිරීම හා ශිෂ්‍ය අදහස් යෝජනා දැඩි ලෙස වාරණය
කිරීමත් ඉතා ගෝත්‍රික අදහස් මතවාද ශිෂ්‍යන් තුල ඇති කිරීමත් මේ වන විට රාජ්‍ය
විශ්වවිද්‍යාල තුල ජයටම කෙරීගෙන යන ක්‍රියාවලියක් වන අතර මින් සිදු වන්නේ ඉතා
නොදිවුනු එහෙයියන් පිරිසක් මෙරට උසස් අධ්‍යාපනය හරහා බිහි වීමයි.කලා පීඨ තුලින්
වසර ගනණාවක් විනාශ කර එලියට පැමිනෙණ බහුතර විද්‍යාර්ථයාගේ අවසන් නැවතුම පාසල වන අතර
පාසල තුලින් නිර්මාණය වන පාසල් ශිෂ්‍යාද නිර්මාණය වනුයේ ඉහත කී එහෙයියන් අතින් නම්
මෙරට අනාගතය ගැන සුභ සිහින දැකීම කිනම් නිස්ඵල කාරනයක් බව කුඩා දරුවෙකුට වුවද
වැටහී යනු ඇත.
ඉහත ආකාරයේ විද්‍යාර්ථයින් හරහා අධ්‍යාපනය ලබන්නා
වූ පාසල් ශිෂ්‍යා නැවත උසස් අධ්‍යාපනයට පිවිසෙන අතර ඔවුන්ගෙන් ද වැඩි යමක්
බලාපොරොත්තු විය නොහැකි අතර ඔවුන් යන්නේද තවත් කෙනෙකුගේ පාලනය යටතේ ක්‍රියාත්මක වී
තවත් කෙනෙකුගේ එහෙයියෙකු වීමට නම් මෙරට උසස් අධ්‍යාපනය උසස් ද යන්න තවත් සොයා
බැලිය යුතුය.වහා මෙම ක්‍රමය වෙනස් වීමකට භාජනය කල යුතුය ශිෂ්‍යා තැනීමට පෙර
පරිපාලන ලොක්කන් තැනිය යුතුය බොහො ඇසූ පිරූ තැන් ඇති ලොක්කන් මේ වන විට බල රහිතව
බලා සිටින අතර බල පොරයේ නියැලෙන්නේ කට මැත දොඩවන්නන් ය.ක්‍රමය වෙනස් කල යුතු නම්
පරිපාලනයේ ඉහල සිට ක්‍රමවත්ව එය කල යුතුය.ගෝත්‍රික චින්තනයන් වලට ඉඩ නොතැබිය යුතුය
යාවත්කාලීන වන මිනිස් මනස මේ වන විට රටට අවැසි වී අති අතර සාම්ප්‍රධායික මනස්
කාලයත් සමග ඉවත් කල යුතු කාලය අප අභිමුවට පැමිණ ඇත.
මෙරට විශ්වවිද්‍යාල පාලනය කරන්නා වූ එක් වීසී
කෙනෙකු පිලිබදව ඉහත සටහන තැබූ අතර එයද යම් සිදුවීමක් එලියට විත් ඉතා ජනප්‍රිය වූ
නිසාය තවත් කොතෙකුත් පරිපාලන ගැටලු මෙරට උසස් අධ්‍යාපනය තුල ඇත් ද ඒවා හරහා කොතරම්
ප්‍රශ්නකාරී ශිෂ්‍යන් පිරිසක් සමාජයට දායාද වේද කොතරම් ශිෂ්‍යන් පිරිසක් එහෙයියන්
හා තවත් අයෙකුගේ අතකොලු ලෙස ජීවත් වේද කොතරම් ශිෂ්‍යන් පිරිසක් තම නිදහස් අදහස් හා
තම පරිකල්පණ හැකියාවන් මොට කර ගන්නේද යන්න සොයා බැලීම ඉතා අත්‍යවශ්‍ය කරුනකි.නැතහොත්
සිදු වන්නේ ඉහත දැක්වූ වීසී ලා තවත් මෙරට උසස් අධ්‍යාපනය තුල පැටවු ගැසීමය ඒ තුලින්
සිදු වන්නේ ද නිසි කලට නිසි ලිංගික අධ්‍යාපනයක් පවා නොලබූ ගෝත්‍රික පරිපාලකයන් පිරිසක්
මෙරට ඉහල තනතුරු වල වැජඹීම පමණක් ය.
0 Comments