මෙරට ඊනියා සුචරිතවාදීන් හිස් මුදුනේ තබා ගත්
සංස්කෘතිය යන අදහස මෙරට ජන ජීවිත වලට හා සෙසු සියලු කාර්යයන් වලට අඩු වැඩි වශයෙන්
බලපෑම් කරනුයේ කෙසේද යන්න මූලික හැදින් වීම කලින් ලිපිය හරහා අම්බලම අපි ගෙන ආ අතර
පුද්ගල විලාසිතා හා අලංකරණ කටයුතු වලට සංස්කෘතිය කෙසේ නම් බලපායිද යන්න මෙම ලිපිය
හරහා විග්‍රහා කිරීම අරමුණයි.
ලෝකයේ දියුනු වන සමාජ සම්බන්දතා හා දියුණු වන තාක්ෂණික,ආර්ථික,දේශපාලනික කාරණාමත සීඝ්රයෙන් දියුණු වූ අංගයක් ලෙස විලාසිතා හා ඇදුම් නිර්මාණ දැක්විය හැකිය.මිනිස් සම්බන්දතා වර්ධනය වීම සමග මිනිසා එකිනෙකා හදුනා ගැනීම ඇසුරු කිරීම ඉතා වේගයෙන් සිදු වන ක්‍රියාවලියක් වන අතර එම හදුනා ගැනීම ඇසුරු කිරීම් වල ඇස පිනවන හා අලංකරණයක් ගෙන දෙන සාධකයක් ලෙස විලාසිතාවන් හැදින්විය හැක.පුද්ගල සමාජ ඇසුරු සිදු වන ස්තානයන් අවස්ථාවන් හා සිදුවීම් අලංකාර කර ගැනීම හා තම ගැනුම්කරුවා ආකර්ෂණය කර ගැනීම සදහා වෙලෙන්දාද දේශපාලන නායකයාද විලාසිතාවන් වලට මුල් තැන දීම හා එයට ප්‍රමුඛස්තානයක් දීම සිදු කරයි. කලාව දේශපාලනය ආගම මේ සියල්ල තුලම යම් කිසි ලෙසකට විලාසිතාවන් ඇතුලත් වී ඇති අතර මෙම ක්ශේත්‍රයන් හා ගනුදෙනු කරන්නන් ඇද පැලදිය යුතු අයුරු හා සැරසිය යුතු අයුරු එම ක්ශේත්‍රයන් හරහාම නිර්මාණය කර දීමද දැකිය හැකිය.
ඉහත ආකාරයට ලොව පුරා විලාසිතාවනට මුල් තැන ලැබී ඇති අතර මෙරට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.ලොව පුරා විලාසිතාවන් තීරණය කරනු ලබන සාධක අවස්තාවෙන් අවස්තාවට වෙනස් කීරීම යාවත්කාලීන කිරීම හා අලුත්වීම විලාසිතාවන් සිදු කරන්නා තුල ඇති රුචිය මත පමණක් වෙනස වන අතර මෙරට එම වෙනස් වීම තීරණය කරනුයේ ආගමික නායකයන් හෝ ඊනියා සංස්කෘතික සභ්‍යත්ව වලින් යුතු මිනිසුන් ය. මෙම ඊනියා සංස්කෘතික සභ්‍යත්ව වල සිටින මිනිසුන් ලෙස ගම පුරා ඕප දූපයන් කියවන ගැහැණුන් සිටින අතර එම ගොඩේ රටටම බන දෙසන ආගමික නායක මුදලාලිලාද සිටීම කැපී පෙනෙන කරුණක් ලෙස ඉස්මතු වීම දැකිය හැකිය.
විලාසිතාවන් තෝරා බේරා ගැනීම තමාට රිසි ලෙස සැරසී හැද පැලදගෙන රිසි සේ නිදහසේ ජීවත් වීම ආගම මගින් හෝ ආගමික නායකයන් මගින් හෝ ලිද ලග සංගමය මගින් ක්‍රියාත්මක කරන්නා වූ සංස්කෘතික නිශ්පාදකයන් විසින් හෝ තෝරා දීම රටකට කෙතරම් අභාග්‍යසම්පන්නද? කෙතරම් නොදිවුනු හා එය කෙතරම් ගෝත්‍රික ක්‍රියාවලියක්ද යන්න සමස්තයට තේරුම් යා යුතු ගැටලුවකි.
විලාසිතා කුහකයන් හා ඊර්සියාවෙන් පෙලෙන්නන් බහුතරයක් එම අත්දැකීම් තමන් හට විදගත නොහැකි වූ පුදිගලයන් ය. නැතහොත් කුමන විලාසිතාවන් කලද තමාට අලංකාරයට සමාජය හමුවේ ඉදිරිපත් වීමට නොහැකි වූවන් ය.මෙම කාරණා මත සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන්නේ යයි තර්කකර විලාසිතාවන්ට යොමු වූ තරුණ තරුනියන් හට චෝදනා කරන්නන් අද සමාජයේ බහුලය.
සංස්කෘතිය යන්නෙන් අදහස් වන දෙය නිරන්තර යාවත්කාලීන විය යුතුය. වෙනස් විය යුතුය. කාලයට සමාජයට අනුගත විය යුතුය. නැතිනම් එය විනාශ වී යාමේ ඉඩ ඉතා වැඩිය.නමුත් මෙරට සංස්කෘතික මිනිසා සංස්කෘතිය වෙනස් වනවාට හෝ යාවත්කාලීන වනවාට ඉතා අකමැති ය.ඒ මන්ද යත් තමන්ට ලබා ගැනීමට නොහැකි වූ හා සංස්කෘතිය නිසාවෙන් තමාට අහිමි වූ හා නොලැබී ගිය අගයකල යුතු තැන් සතුට ගෙන එන තැන් වෙනත් පරපුරකට ලැබීමේ හැකියාව නොයිවසිය හැකි කාලකන්නි සතුට නිසාය.සංස්කෘතියට ආවඩන්නා වූ බහුතරයකගේ සැබෑ තත්ත්වය එය වන අතර එය පරම්පරාවෙන් පරම්පරාවට දායාද වීමද ඉතා අභාග්‍ය සම්පන්නය.
තරුණියක ශරීරය යම් තැනක හෝ නිරාවරණය වන ලෙස විලාසිතාවක් සහිත ඇදුමක් පැලදුමක් සහිතව සිටින විට ඇය දෙස සංස්කෘතික හිගන්නන් ගේ ඇස නිරන්තර යොමු වන අතර ඉතා පහත් හා අවමන් සහගත ලෙස ඇයට දෝශාරෝපනය කිරීමටද ඔවුන් ක්රියාකරණුයේ දෙවරක් නොසිතාය.ගැටලුව කුමක්ද? මෙරට දේශපාලනික ආර්ථික හා සාමාජයීය වරදවලි හා ගැටලු දසකුත් මැද සංස්කෘතික සිගන්නන්ට ඇස ගැටෙනුයේ තරුණියගේ ශරීරය නිරාවරණය වීම පමනද? සැබැවින්ම ඔවුන් සංස්කෘතික සිගන්නන් ය. නව අදහසක් ආකාල්පයක් ඔවුන් තුල නැත අසාධාරණයට හෝ අයුක්තියට එරෙහි වීමට ඔවුනට කසේරුකාවක් නැත නමුත් ඔවුනට කෙසේ හෝ සමාජය හමුවේ කැපී පෙනිය යුතුය.ඔවුනට අල්ලා ගන්නට පහසුම තැන සංස්කෘතිය වන අතර ඔවුන් එය අල්ලා තලු මරා රස කර බලා එයින් යැපීමට දෙවරක් සිතන්නෙ නැත.එම නිශා මෙරට දහසකුත් එකක් ගැටලු මැද වුවද ඔවුනට දර්ශනය වනුයේ තරුණියගේ ශරීරයේ කොටසක් පමණි.මෙය රටක් ලෙස ගත්කල ඉතා අභාග්‍යසම්පන්නය ග්‍රාමීය පරිසර තුල මෙම ලක්ෂණය ඉතා ඉහලය තරුණ තරුණියන්ට හෝ අනෙකුත් වයස් සීමාවන් තුල සිටින්නන් හට තමාට රිසි විලාසිතාවන් හෝ අලංකරණ ක්‍රියාවලියක් තෝරා ගන්නට නිදහස ඉතා දීන ලෙස අහිමි කර ඇත.ලිද ලග ඕපාදූප කිවන ගැහැනුන් ගේ සිට පන්සලේ ලොකු හාමුදුරුවන් දක්වා සංස්කෘතික පොලිසියට රහසේ සැගවී නිදහසේ රිසි ලෙස විලාසිතාවන් කිරීමට ග්‍රාමිය වැසියාට නොහැකිය.එසේ කල හොත් සංස්කෘතික පොලීසිය හමුවේ අත්තඩංගුවට පත්ව මහත් චෝදනා හා අපවාද ඇසීමට සිදුවනු ඇත. ගමට ශාපේක්ෂව මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම නගරයේ අවමය නමුත් නැත්තේද නැත.
මෙරට තත්ත්වය මෙසේය. සංස්කෘතිය ඉදිරියෙන් තබා අන් සියලු දුර්වලහාවයන් හා නොහැකියාවන් වසා ගන්නන් අද වන විට ඉතා සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින අතර ඔවුන් නව පරම් පරා බිහිකරමින් තම අදහස් උදහස් ඒ හරහා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යමින් කරමින් පවතින විනාශයද ඉතා විශාලය.
අමිල නිශාන්ත
5 Comments
Elaaaaa
ReplyDeleteMaru maru
ReplyDeleteela
DeleteNiymai aiye✌️
ReplyDeletethankzzz nangii
Delete