ඔබ ජීවිතයේ කවදා හෝ
දවසක පීසා රස බලා තිබෙනවාද නිසැකවම බහුතරයකගේ පිලිතුර වනුයේ “ඔව්”යන්නයි.ලෝකයේ සෑම
අස්සක මුල්ලක් නෑරම මෙන්ම මෙරටද වර්තමානය වන විට නගරබද දැකිය හැකි ආහාරයක් ලෙස
පීසා හැදින්විය හැකිය. කාක මුට්ටයි සිනමාපටය ගොඩ නැගී ඇත්තේද පීසා රස විදීම තම
අරමුණකර ගත් කුඩා දරුවන් දෙදෙනෙක් වටාය.
පියා සිරගතව ඇති
පවුලක,
දිළිදු මවගේ සහ
මිත්තනියගේ රැකවරණය ලබමින් චෙන්නායි නගරයේ මුඩුක්කු පෙලක වෙසෙන ළමයින් දෙදෙනෙකු විවිධ ආදායම් මාර්ග
සොයමින් මුදල් එකතුකරමින් චෙන්නායි නගරය පුරාවටම කරක් ගසනුයේ ඔවුන්ට පීසා කෑමට ඇති
රුචිය නිශාවෙන්ය.කාක මුට්ටෙයි නොහොත් කපුටු බිත්තර ලෙස සිනමාපටයට නම් කර ඇති අතර
මෙම පැල්පත්වාසී කුඩා දරුවන් දෙදෙනා කපුටු බිත්තර කඩා ආහාරයට ගැනීම නිසා අනෙකුත්
පැල්පත්වාසී දරුවන් ඔවුන් හදුන්වන්නට ගන්නේ කාක මුට්ටෙයි කියාය.චිත්‍රපටය ආරම්භයේ
සිට චෙන්නායි නගරය පුරා වසා පැතිරෙන පැල්පත් නිවාස වල ජීවිතය නිරූපණය කරන අතර කුඩා
දරුවන් දෙදෙනා ජීවත් වීමට ගන්නා උත්සාහයද නිරූපණය කර ඇත.විවිධාකාර ආශාවන් ඉෂ්ඨ කර
ගැනීම ඔවුන් ගේ ඉලක්ක වන අතර හිටි හැටියේ නගරයේ විවෘත්ත වන පීසා අවන්හල ඔවුන්ගේ බලාපොරොත්තු
අතර ඒකායන බලාපොරොත්තුව බවට පත් වන්නේ චිත්‍රපටයේ අලංකාරම භාගයට පෙරවදනක් සපයමින්
ය.
එහෙත් එය එතරම් පහසු
කටයුත්තක් නොවේ. මන්දයත්, දවසකට රුපියල් 10ක මුදලක් ගල් අගුරු
එකතුකර විකුණමින් උපයන මෙම කුඩා දරුවන්ට ඉන්දියානු රුපියල් 300 වන පීසා එකක් කෑම
මහත් අභියෝගයක් වන නිසාය. දරුවන්ගේ ආශාව වටහාගන්නා ඔවුන්ගේ මිත්තනිය තෝස පදම මත
එළවලු අතුරා පීසා ප්‍රචාරක පත්‍රිකාවල පෙන්වන පීසා හා සමාන තෝසයක් සකස් කර දෙනමුත්
එය පීසා මෙන් ඇදෙන්නේ නැතයැයි
කියමින් දරුවන් එය ප්‍රතික්ෂේප කරයි. එතෙක් පටන් මෙම කුඩා දරුවන්ගේ ඒකායන අරමුණ
වන්නේ කෙසේ හෝ පීසා එකක් මිලදී ගැනීමය. ඒඅනුව ඔවුන් ගල්අගුරු හොරකම් කර විකිණීම, බේබද්දන්ව කුඩා
කරත්තයක තබාගෙන ගොස් ගෙවල් වලට ඇරලීම, තාප්ප පිරිසිදුකර මුදල් සොයා ගැනීම ආදී කටයුතු වල නිරතවේ.
අවසානයේ පීසා කැමට අවශ්‍ය මුදල් ඔවුන් සොයා ගත්තද ඔවුනට පීසා කෑම සදහා යෑමට සුදුසු ඇදුමක් නොමැතිව ආරක්ෂකයින් ඔවුන්ගේ මග හරස් කරන්නේ ඔවුන්ගේ බලපොරොත්තු බිද දමමින් ය.පීසා නැමති ආහාරය වටා වෙනම වූ ආර්ථික තත්ත්වයකින් යුතු ඉහල පංතියක් හා ඔවුන්ගේ චර්‍යාවන් හා හැසිරීම් රැසක් එක් වී ඇති අතර ඒවා නොගැලපීමෙන් එය ආහාරයට ගැනීමට අපහසුතා ඇති වන බව චිත්‍රපටයෙන් නිරූපණය කර ඇත. කෙසේ හෝ තමන් ට අවශ්‍යය ඇදුම් සපයා ගන්නා කුඩා දරුවන් දෙදෙනා අවන්හල වෙත යන අතර එහිදිද ඔවුන්ගේ මග හරස්ව ඔවුන්ට ගුටි කෑමටද සිදු වන්නේ ඔවුන් මුඩුක්කු කොල්ල්න් ය යන ලේබලය කිසිදා ගැලවිය නොහැකි ලෙස ඉන්දියානු අධි සංස්කෘතික සමාජය විසින් අලවා ඇති නිසාය.කුඩා දරුවන්ට පහරදෙන අවස්ථාව ඔවුන්ගේ යහලුවන් විසින් ජංගම දුරකතනයෙන් රූගතකරණ අතර එය ප්‍රසිද්ද වීම නිසා ආපන ශාලාවේ හිමිකරුට ගැටලු රැසක් ඇති වේ.එම ගැටලු නිශා ආපනශාලාවේ හිමිකරුට කුඩා දරුවන්ට නොමිලේ පීසා දීමට සිදුවන අතර එම සිදුවීම සියලු මාධ්‍ය හමුවේ ජනප්‍රිය සිදුවීමක් කරලීමටද සමත් වෙයි.

ජනමාධ්‍ය,ආර්ථිකය,සංස්කෘතිය
හා දේශපාලනය මෙම කුඩා සිදුවිම මත තම හැකියාවන් පෙන්වීමට නිරන්තර උත්සාහයක යෙදෙන
අතර පීසා නැමති යුරෝපයේ හා ඇමරිකාවේ ඉතා සුලභ ආහාරය දකුණු ආසියාවේදී ඉතා වටිනා
ආහාරයක් වන්නේ කෙසේද යන්න කාක මුට්ටෙයි චිත්‍රපටය හරහා පෙන්වා ඇත.
ඇම්. මනිකනාදන් (M. Manikandan) නම් නවක අධ්‍යක්ෂක
වරයා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටිය විට්ට්‍රිමාරන් (Vetrimaaran) සහ දකුණු ඉන්දියාවේ ජනප්‍රියම නළුවා වන ධනුෂ් (Dhanush) විසින් නිශ්පාදනය කල චිත්‍රපටියකි.
ටොරොන්ටෝ,රෝම් අතුලු දෙස් විදෙස් ජාතික හා ජාත්‍යන්තර
සම්මාන රැසකට හිමිකම් කියූ කාකමුට්ටෙයි චිත්‍රපටය විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර
නොවඩුව හිමිකරගත් චිත්‍රපටයකි.දකුණු ඉන්දියාවේ දී එලි දැක්වූ දිනයේම විශාල ආධායම්
වාර්තා රැසකට හිමිකම් කියූ කාකමුට්ටෙයි චිත්‍රපටය ළමා චිත්‍රපටයක් ලෙස වර්ගකර
තිබීම නිසා ආධායම් අතින් ඉහළ ආධායම් ඉපයීමට ද සමත් විය.
2 Comments
Super amila aiye
ReplyDeleteela
ReplyDelete