මියැදී නොයෙන ප්‍රේමය

 මියැදී ගොළු වී ශේෂ වී යන ප්රේමය පවා රැක ගන්නට අවසන දක්වා උත්සාහ කරන්නට හැකි වීමද ප්රේමයක්.
ප්රේමයක් හට ගැන්මට අනන්ත අප්රමාණ වූ හේතූන් මූලික වුවත් ප්රේමයක් නැසී යාමට එක් ඇසිල්ලක් පමණක් හේතු විය හැක. නැසී ගොස් මතකයන් පමණක් ශේෂ වූ ප්රේම කතා මධ්යයේ මියැදෙන්නට යන ප්රේමය රැක ගන්නට වෙ
හෙස වූවන් කොතරම් අපූරුද?
දෙරණ මත පිපුණු ප්රේමයේ කුසුම කඨෝර සුළං මොරසූරණ වැසි මේඝ ගර්ජනා මධ්යයේ ප්රේමය රැක්මද ප්රේමයක්.
ප්රේමයයේ කුසුම බොහෝ හිත් තුළ ඇති වීම නිරායාසයක් නමුත් සුපුෂ්පිත කුසුම මිය යා නොදී රැක ගැන්ම හැම හිතකටම හැකිද? ශේෂ වී යා නොදී ප්රේමයේ කුසුම හදවත් තුළ සුපුෂ්පිත කරවීමට පෙම්වතුන්ට හැකි නම් කෙතරම් අපූරුද?
ප්රේමයට නිර්වචන පැහැදිළි කිරීම් නම් කොතරම් ද?
අනන්ත ප්රේමයේ දහසකුත් නිර්වචන මධ්යයේ ඔබේ ආදරේ කොතරම් කෙටි සරළ නිර්වචනයක් ද? පැටලිලි සහිත සංකීර්ණ නිර්වචනයක්ද? කුමකින් කුමක් වුවත් ඔබේ හිතට ආදරය දැනී හමාර විය හැක. එය ශ්රේෂ්ටය අගය කළ යුතුමය.
අද දිනයේ පිදුම...
අනන්ත වූ දහසක් බාධක මධ්යයේ ප්රේමය සුරක්ෂිත කර ගත් අයවළුන්ට
සටහන - අමිල නිශාන්ත

Post a Comment

0 Comments