වෙනසකටත් එක්ක (කෙටි කතාව)




හිරුන්ට මේ ඉන්න කාමරය වටේ පිටේ තියන දේවල් මහා විකාරයක්  වගේ දැනෙන්නේ ඊයේ රෑ ගත්ත සැර බීම ජාතිය නිසාද කියලා හිතුනත් ආහපහු හිරුන්ගේ හිතට ආවේ මේක අද විතරක් වෙන දෙයක් නෙවෙයි හැමදාම වෙන දෙයක් නේද කියලා.තමන්ට තියෙන්නේ මානසික ලෙඩක්ද කියලා නිතර නිතර හිරුන්ට හිතෙන්න ගත්තේ පෙම්වතිය එක්ක චිත්‍රපටියක් බලන්න ගිහින් පෙම්වතිය හිරුන්ව ස්පර්ශ කරනකොට ඉහෙන් කනින් දාඩිය දාපු දවසෙ.

ඇති උන ලැජ්ජාවට කාටවත් නොකියා ඉදියට මේක දරා ගන්න එක හිරුන්ට තවත් කරන්න බෑ කියලා හිතුන වාර අනන්තයි.

එකම රටාවකට හුරු උන ජීවිතේ වෙනස් කර ගන්න ඕනි කියලා නිතරම හිරුන් හිතන්න ගත්තා. පුරුදු විදිහටම උදේ වැඩට යන්න ලෑස්ති උන හිරුන් ටිකක් වෙනස් දෙයක් වෙන්නත් එක්ක සාම්ප්‍රධායික සුදුකරපටි ඇදුමට සමු දීලා ඩෙනිමක් දාගෙන පුරුදු තැනට රස්සාවට ගියා.හිරුන්ව දැක්ක ලොක්කාට යකා වැහුනා විතරක් නෙවෙයි රස්තියාදු කායෙක් වගේ ආහපහු එනව නම් මෙහේ නාවට කමක් නෑ කියලා එදා දවසේ ආහපහු හිරුන්ව පිටත් කරලා හැරියා.

යන එන මගක් නැතුව පාරට බැස්ස හිරුන් ගෙදර ගියෙත් නැත්තෙ අහන කෝටියක් ප්‍රශ්න වලට උත්තර දෙන එක ඒ තරම් ලේසි වැඩක් නොවෙන හින්දා. අතොරක් නැතිව ඇහෙන නලා හඩෙයි වෙලෙන්දුන්ගෙන් ඇහෙන ශබ්දයි එක්ක දූවිලි පිරුන පිටකොටුවේ ජනාකීර්න වේදිකා හරහා ඉස්සහට යනකොට හරියටම කොටුව ස්ටෙශන් එක ලගදි හිරුන්ට දකින්න හම්බවෙන්නෙ තමන්ගේ පෙම්වතියගේ රුවට තරමක් සමාන ගැහැනු ලමයෙක් පදික වේදිකාවේ අත් වැටට හේත්තුවක් දාගෙන යන එන අය දිහා හොද බැල්මකුත් දාගෙන ඉන්න ආකාරය.කකුල් හොදට ආවරනය වෙන විදිහට කොට සායක් ඇදලා ඉදපු තරුණිය කවුද කියලා හිරුන්ට ඉක්මනට තේරුම් ගියේ කිහිප දෙනෙක්ම කතාවට වැටිලා ආහපහු ගිය නිසා.ගාන වැඩි ඇති හිරුන්ට එහෙම හිතුනේ කොටුවේ ඉන්න අනිත් කට්ටියට වඩා පෙනුමෙන් ආකර්ශනය ගන්න පුලුවන් රූ සපුවක් ඇයට තිබුන නිසා.හවස් වෙලා වැඩි හරියක් මේ පැත්තේ කැරකෙන අය මොකද අද උදේම හිරුන්ට ඇය අසලින් යන ගමන් එහෙම හිතුනා.නහය කඩාගෙන යන සුවද ඉවසන්න බැරුව ගිය හිරුන් ඇයව පහුකරගෙන ගිහින් ආහපහු ඇයගාවින් යන්න හැරුනේ ගාන විතරක් අහලා යනවා කියලා හිතාගෙන ඇය ලගට එද්දි හිරුන්ගේ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්ත හින්දා හිරුන් ඇයව පහු කරගෙන යාර කිහිපයක් ඉස්සරහට ගිහින් බොරුවට තමන්ගේ ෆෝන් එක කනේ තියාගෙන ඇය දිහා හොරෙන් බලා ඉදියේ ඇය ලගින් යද්දි දැනුන සුවද මතක් කර කර.ගාන විතරක් අහලා යනවා කියලා හිතුනත් වෙනසකටත් එක්ක ගිහින්ම බලනවා කියලා හිරුන් හිතා ගත්තේ අමාරුවෙන් එවෙලේ තමන්ගේ හිතට ආපු පෙම්වතියව අමතක කරලා දාලා.ෆෝන් එකත් සාක්කුවට දාගෙනආහපහු ඇය ලගට ආවත් ඒක අහන්න තරම් හිතට හයියක් හිරුන්ට තිබුනේ නැති එකයි ඒ වෙලාවේ හිතට ආපු දවසක් සිතුවිලි හින්දයි ඇයව පහු කරගෙන හිරුන් යන්න ගියේ අනේ ඕනි නෑ කියලා හිතාගෙන.හැබැයි කොටුවේ ස්ටෙශන් එක ඉස්සරහා ටිකක් දුර ගිහින් ඇයව පේන ඉසවුවේ ආහපහු නවතින්න හිරුන්ට උනේ හිතේ බල කිරීමයි වෙනස් ලිංගික අත්දැකීමක් විද ගන්න ඕනි කියන සිතුවිල්ලයි හිරුන්ගේ හිත වගේම රහස් අවයවත් චලනය කරපු නිසායි.

මේ පාර නම් යනවාම තමයි කියලා හිතා ගත්ත හිරුන් ඉක්මන් ගමනින් ඇය අසලටම ඇවිත් නතර උනේ ගාන මුලින්ම අහන්න ඕනි කියලා හිතගෙන හිරුන්ට කලින් ඉස්සර උන ඇය හිරුන් දැක්ක ගමන් යමුද ඇහුවේ වැඩේට අමාරුවෙන් හිත හදා ගන්න ට්‍රයි කරපු  හිරුන්ට පොඩි උදවුවක්ද කරන ගමන්.

“කීයද ගාන”
“දාහයි පැයක් ඉන්න පුලුවන්”
“රූම් එකට”
“පන්සීයයි”
“යමු”

කෙටි සංවාදය එතනින් ඉවර කරලා කොටුවේ පොඩි නවාතැනකට ඇය රිගුව දෙස දෙවරක් නොහිතා හිරුන්ද ගියේ පැයක් නම් ඉන්න බෑ යන හැගීමෙන්.අපිලිවෙල තරමක් අදුරු නවාතැන් කාමර කිහිපයක් එක පෙලට දිස් උන අතර තරබාරු මැදිවියේ පුද්ගලයෙකු අසල හිරුන්ට පෙර ගොස් සිටි ඇය නතර වී සිටියේ කාමර ගාස්තුව පන්සීය ලබා ගැනීමටයි.මුදල් ගනුදෙනු හමාර කර අසල කාමරයකට ඇය රිංගූ අතර හිරුන් එය තුලට ගියේ විව්ද ඉරියවු හිතෙන් මවාගෙන ඒවා අත් හදා බලන්න හිතාගෙන.අපිරිසිදු පුස් සුවදක් මුලු කාමරය පුරා හැමූ අතර යාන්තම්ට එක් ඇදක් පමනක් දැමිය හැකි ලෙස ඉතා කුඩාවට එම කාමරය සකසා හදලා තිබුන නිසා හිරුන්ට අවට පරිසරය ගැන මහා අප්පිරියාවක් ආවේ හිරුන් කවදාවත් මේ වගේ කාමරයක පය ගහලා තිබුනේ නැති නිසායි.අදුරු පෙනුමක් ගත් කාමරය නවාතැන් සදහා නොව ඒවා සාදා ඇත්තේ අහවල් වැඩේටමයි කියලා ඒවෙලේ හිරුන්ට හිතුනේ වටේ තිබුන අපිලිවෙල හා අදුර නිසා.වහා ඇදුම් උනා දැමූ  හිරුන් දෙස උවමනාවෙන් බලා සිටි ඇය,

“ඔය මොකද කරන්නේ”
“ඇයි පැයක් තියන්වා කිවුවේ”
“පැයක් ඉන්න බෑ පැයක් ඉන්න ඕනි නම් දාහට බෑ තව දාහක් ඕනි”
හිරුන්ට ඇති වන්නට යන තත්ත්වය තෙරුම් ගිය අතර වහා පසුම්බිය ඇද දාහේ නෝට්ටුවක් දී,
“මේකට ඇති වෙන්න තිබුනහම ඇති”

ලෙස පැවසුයේ ඇතුලට ආ මෝඩකම ලෙස යටි සිතින් සිතාය,

තරුණිය තම බෑගය විවර කර සෞඛ්‍යාරක්ෂිත උපකරණය එලියට ගත් අතර එය හිරුන්ට දිගු කර,

“මේක දා ගන්න ඉක්මනට”
“ඕව් එපා”
“එහෙනම් පිටින් විතරද”
“ඔව් ඒ ඇති”

තරුනිය පිටින් විතරද යනුවෙන් හැදින් වූ ක්‍රියාව කර අවසන් වූ වහාම හිරුන් තරුනිය විසින් දුන් රෙදි කඩක් හැද ඇය විසින්  පෙන් වූ ඉතා අපිරිසිදු නානකාමරයකට වැදි ඇග සෝදා ඉක්මනින් එම පෙරේත ගුහාවෙන් පිට වූයේ අපොයි 1500 යැයි යටි සිතින් තමාටම බැන වදිමින්‍ ය.ආදරණිය වදන් සෘගාරාත්මක වදන් ඇග කිලිපොලා යන ස්පර්ශන් විදීමට එහිගිය ඔහු සුපුරුදු ලෙස කොටුවේ වීදියට බැස්සේ 1500 මොනා හරි කෑවනම් ඇගට හරි තිබුනා යන්න සිතාගෙනය.

උදෑසන ජනාකීර්න මාවත් දිගේ ගමන් කර හිරුන් බසයක් අල්ලා ගත්තේ කිරිබත්ගොඩට යාම සදහාය.සෙනග අතරින් යාන්තම් ඉඩක් සොයා ගත් හිරුන් හරි බරි ගැසී මුදල් පසූම්බිය ගැනීමට අත දමද්දී දෙලොව රත් වී ගියේ “දෙයියනේ මගේ පර්ස් එක”ලෙස හිතට ක්ෂණිකව තම හිතට ආ සිතිවිල්ල නිසාය. වහා බසයෙන් එලියට පැන ගත් හිරුන් තමා සිටි නවාතැන වෙත දිව ගියේ අතොරක් නැතුව දසතින් එල්ල වන වාහන නලා හඩ හා තමා හට සාප කරන රියදුරන්ගේද බස කනකට නොගෙන පාර හරහා උන්මත්තකයෙකු ලෙස දිව යමින්‍ ය.

නවාතතැන් පොලට ආසන්න වූ විට දුටු දෙයින් හිරුන් ත්‍රස්ත වුයේ තමා හා සිටි තරුණිය වටා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටි අතර ඇයත්  නවාතැනේ තමාගෙන් මුදල් ගත් හිමිකරුවාත් තවත් පිරිමින් කිහිප දෙනෙකුත් පොලිස් වෑන් රතය වෙත නංවා ගනිමින් සිටින දර්ශනය දැකීමෙන්‍ ය.
හිරුන් ඉදිරියට තැබූ අඩිය පසෙකට තබා වහා ඒ ස්තානයෙන් ඉවත් වූයේ දහසක් ප්‍රශ්න වලට හිතෙන් පිලිතුරු හදමින් ය.මුදල් පසුම්බිය තුල හැදුනුපත,රියදුරු ගමන් බලපත්‍රය සියල්ල විය.නිසැකවම තරුණිය පසුම්බිය සොරා ගන්නට ඇත තමා ඇග සෝදා ගැනීමට යාමේදි කලිසම ගෙන යන්නට තැත් කරන විට තරුණිය එය වැලකූයේ පසුම්බිය සොරා ගන්නටය ඇය යෙදු උපක්‍රමයක ප්‍රතිපලයක් ලෙසය. හිරුන්ට සියල්ල වැටහෙමින් තිබූ අතර තමා වැටෙන්නට යන තත්ත්වය ගැනද සියල්ල සිහි විය.ඒකිව අරන් ගියේ කොටුව පොලිසියෙන් මගේ අයිඩින්ටිය ඒකේ.දෙයියනේ අනූශා ගේ අයියා කොටුව පොලිසියේ සාජන් කෙනෙක් අරකිගේ බෑග් එක චෙක් කරනකොට මගේ පර්ස් එක ඒකේ ඇති ඒක බැලුවොත් මම එතනට ගියා කියලා එලි වෙනවා අනූෂගේ අයියා ඒක දැක්කොත් සේරම ඉවරයි අනුෂගේ ගෙදරින් මට කැමති උනා විතරයි අහිංසක කෙල්ලෙ ඒකි හිතයි මම නිතරම ඕවට යන එකෙක් කියලා මට සමාජරෝග තියනවා කියලාත් හිතයි අනේ අනුෂා මට කොයි තරම් ආදරේ කලාද මේක එලි උනොත් සේරම ඉවරයි.රස්සාව කරන තැන උන් මාව බඩු කාරයෙක් ගානට දායී.මෙකී නොකී දහසකුත් ප්‍රශ්න හිටරුන්ගේ හිතට එක පිට එක ගලා ආ අතර ඔහු හිමින් සීරුවේ ගමන් කලේ පිටකොටුව දුම්රිය ස්තානයටය.අනූෂ ගේ අයියා දැනටමත් දන්නවා ඇති මගේ පර්ස් එක අහුවෙලා ඇති තම ජංගම දුරකතනය එලියට ඇද බැලූ හිරුන්ට අනුෂා ගෙන් ආ ඇමතුම් කිහිපයක් දැකිය හැකි විය අනූෂා මෙච්ච්චර කෝල් ගන්න විදිහක් නෑ විශ්වාසයි දැනටමත් පොලිස් අයියා සියල්ල ගිනි තියා ඇත.නිවසට යාමට අතේ කිසිදු මුදලක් නැත නිවසේ උදවියට මුහුන දීමටද නොහැකිය.සියල්ල අතහැර පලා යමි අවසාන නිගමනය විය.කොටුව ස්තෙෂන් එක ඉදිරිපිටට වී කල්පනාවේ නියැලී දසකුත් එකක් ගැටලු වලට උත්තර සොයමින් සිටි හිරුන්ගේ අවසාන නිගමනය විය.

කොහේ නම් යන්නද හිරුන් දැඩි අවු කාෂ්ටකය මැද ගෝල්ෆේස් දෙසට ඇවිද ගිය අතර එදා මුලු දවසම එහි ගත කලහ.දහවල් හෝ උදෑසන කුසට අහරක් නොමැති වීමෙන් ක්ලාන්තය ගතිය හා අධික තෙහෙට්ටුව ගත වෙලා ගත්හ.කුස ගින්න හා තෙහෙට්ටුව මත අනුෂාව හා තම මවව නිරන්තරයෙන් මතක වූ අතර කුඩා කල සිට තමා හැදුනේ වැඩුනේ කුමන හෝ ස්ත්‍රියක් යතේය යන්න හිරුන්ට කල්පනා විය.තරුණ කාලය වන තෙක් තම ඕනෑ එපා කම් බැලුවේ තම මවය ඉන්පසු තම සහෝදරිය හා පෙම්වතිය සියල්ල සපයා දුන්හ සියලු දේ පසු පස උන්හ.තමා ස්ත්‍රියගෙන් යැපී ස්ත්‍රීන් හා සම්බන්ධ වී අද විනාශයට ලක් වී ඇත.මේ සියල්ල සිතට ආ පසූ හිරුන් දැඩි ලෙස තීරණයක් ගත්හ.පසුම්බිය සොයා නොගෙන නැවත නිවසට නොයමි.වහා සිටි ස්තානයෙන් නැගී සිටි හිරුන් ඉක්මන් ගමනින් පිටකොටුව දෙසට ගමන් කරන්නට විය.කොටුව දුම්රිය ස්තානය අසල ඔහු උදෑසන රිගූ නවාතැන සුපුරුදු ලෙස ක්‍රියාවේ පවතින අතර වෙනසකට ඇත්තේ උදෑසන සිටි තරුණිය වෙනුවට වෙනත් තරුණියක එහි වීමයි.දෙවරක් නොසිතා නවාතැන වෙත රිගූ හිරුන් ට දැක ගත හැකි වූයේ උදෑසන සිටි  මිනිසාම එහි සිටීමයි.ඔහු ප්‍රශ්න කිරීමට පෙර හිරුන් මිනිසාගෙන් ප්‍රශ්නයක් ඇසූහ.

“මගේ පර්ස් එක උදේ මෙහේ නැති උනා”
“මොන පාට එකක්ද මහත්තයා”
“දුබුරු පාට මගේ ලයිසන් අයිඩින්ටි ඔක්කොම ඒකේ සල්ලිත් තිබුනා”
“සල්ලි නම් තිබුනේ නෑ මහත්තයා පර්ස් එක මේකද”

මිනිසා මේසය යටින් පසුම්බිය ඇද හිරුන්ට දුන් අතර වහා පැන එය උදුරාගත් හිරුන් පර්ස් එක හැර බැලීය තමා සතුව තිබූ මුදල් හැර අනිත් සියල්ල එහි විය මුදල් නිසැකවම මුන් අරන් බෙදා ගන්න ඇති ඒවා ඉල්ලලා මෙතන රංඩු කරන එක වැඩක් නෑ සිතූ හිරුන් පසුම්බිය රැගෙන වහා එතනින් ඉවත් විය.පාරට බට හිරුන් පසුම්බිය ලැබූ උද්දාමය නිසා පයින්ම හෝ ගෙදර යමී සිතා මාර්ග යට බට අතර රාත්‍රී ජනාකීර්ණ පදික වේදිකාව මතින් ඉදිරියට ඇදී නොපෙනී ගියහ.

                                                                                    අමිල නිශාන්ත....


Post a Comment

3 Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දිගටම ලියන්න.. ජය

    ReplyDelete
  3. දිගටම ලියන්න.. ජය

    ReplyDelete